Colombo Today Local News

යාපනය, වලිකාමම් අධිආරක්‍ෂිත කලාපයේ ඉඩම් අක්කර 683ක් මුදාහරියි

යාපනය, වලිකාමම් උතුර ප්‍රදේශයේ ආරක්ෂක හමුදා යටතේ පැවති ඉඩම් අක්කර 683 ක් වසර 28 කට පසුව ඒවායේ මුල් හිමිකරුවන්ට ලබාදීමට කටයුතු කර ඇත.

ඒ බව සංකේතවත් කරමින් මෙම ඉඩම් වල අයිතිය යුද හමුදාපති ලුතිනල් ජෙනරල් මහේෂ් සේනානයක විසින් යාපනයේ දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගන් මහතා වෙත 13 වනදා නිල වශයෙන් භාරදුන් අතර ඒ යාපනයේ මයිලිටි ප්‍රදේශයේ පැවති උත්සවයකදීය.

එහිදී අදහස් දක්වමින් යුදහමුදාපතිවරයා මෙසේ පැවසීය.

“අවුරුදු 28 ක් වැනි කාලයක් මේ අපගේ ජනතාව අනාත කඳවුරුවල ඉතාම දුක්කිත ජිවිත ගතකර බව මම දන්නවා. ඒ තත්ත්වයන් ඇති වූයේ ඔබගේ වරදින් හෝ අපගේ වරදින් නොවෙයි. 2009 වර්ෂයේදි යුද හමුදාව විසින් පරිභෝජනය කරන ලද පාවිච්චි කරන ලද ඉඩම් වලින් අද වනවිට සියටට 80කට වැඩි ප්‍රමාණයක් ඔබලා වෙත භාරදීලා තියෙනවා. අද අප ඔබ වෙත ඉතා සතුටින් භාරදෙන ප්‍රදේශය අක්කර 683ක් පමණ වනවා”

තවද මෙතෙක් වසා තිබුණු පේදුරු තුඩුව – මයිලිටි හරහා ඇති පොන්නාලේ මාර්ගය ද යළි විවෘත කිරීමද මීට සමගාමීව සිදුවූ අතර ඒ අනුව 14 වනදා සිට උදෑසන 6.00 ත් රාත්‍රී 7.00 ත් අතර කාලය තුළ ජනතාවට එම මාර්ගය භාවිත කළ හැකිය.

Related posts

අයවැය තුන්වැනිවර කියවීමේ තීරණාත්මක අවසන් ඡන්ද විමසීම අද

Admin

ජනපති මෛත්‍රී පොළොන්නරුවේදී පොසොන් බැති ගී ගයයි (Video)

colombotoday

කෝටියක අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

විල්පත්තු ගැසට් එක අවලංගු කරන්නැයි මුස්ලිම් ඇමතිලාගෙන් තර්ජණ.. රටපුරා පල්ලිවල විරෝධතා කැදවයි !

colombotoday

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

වවුනියාවේ හදිසි තත්වයක්.. සින්නවන් කොටියා රණවිරු ගමට කඩාපනී.. ඥානසාර හිමිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday