Colombo Today Local News

මයිලඩි ප්‍රදේශයේ ඉඩම් නිදහස් කිරීම ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් !

ආර් සම්පන්දන් මහතාගේ ඉල්ලීම මත නිදහස් කරන්නට යන ඉඩම් අතර ඇති මයිලඩි ප්‍රදේශය ඉඩම් නිදහස් කිරීම ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් යැයි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය.

මයිලඩි ඉඩම් නිදහස් කිරීම පලාලි ගුවන් පථයට මෙන්ම කන්කසන්තුරේ වරායට ද අහිතකර ලෙස බලපාන්නේ යැයි ද හෙතෙම පැවසීය.

යුද සමයේ මයිලඩි විකල්ප වරායක් ලෙස භාවිතා වූ බව කී ඔහු යම් හෙයකින් එම ඉඩම්වල සිවිල් ජනතාව පදිංචි කළ අවස්ථාවක යළි යුදමය වාතාවරණයක් ඇති වුවහොත් කිසිදු ගුවන් යානාවක් පලාලි ගුවන් තොටුපළට බැස්සවිය නොහැකිවනු ඇතැයි ද වීරසේකර මහතා කීය.

සිවිල් ජනතාව විසින් කිසිදු හානියක් නොකරන බව සැබෑ නමුත් ඔවුන් බිය ගන්වා ත්‍රස්තවාදීන්ට එහි යා හැකි වන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

‘මම ත්‍රිවිධ හමුදාපතිවරුන්ට කියනවා මේ ගැන ආණ්ඩුවට කියල දෙන්න කියලා. මේවා කළ යුත්තේ ආරක්ෂක මණ්ඩලය මිස පාර්ලිමේන්තුව හෝ සම්බන්ධන් හෝ වෙනත් කණ්ඩායමක් නොවෙයි. දෙන්න පුළුවන් නම් කිසිම ඉඩමක් නොදී ඉන්නේ නැහැ.’ යැයි ද වීරසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මෙසේ පැවසුවේ එළිය සංවිධානය පුස්තකාල සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේ ඊයේ (10) පැවැත්වූ මාධ්‍ය හමුවක දීය.

Related posts

තව ස්වල්ප මොහොතකින් අගමැති මහින්ද ඉල්ලා අස්වෙයි

colombotoday

වාර්තාවන කොවිඩ් රෝගීන්ගෙන් 100%ක්ම ඔමික්‍රෝන් ආසාදිතයින්

colombotoday

විදෙස් ගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටප් ක්‍රමයක්

colombotoday

රුසියාවේ ඉන්ධන ප්‍රතික්ෂේප කල නිසා ජුනි 10 තෙක් ගුවන්යානා වලට ඉන්ධන නෑ

colombotoday

“පාස්කු ප්‍රහාරයට මම වැරදිකාරයෙක් නොවෙයි” – හිටපු ජනපති මෛත්‍රිපාල කියයි

Admin

සල්ලි කොල්ලකන අපරාධ කල්ලියක් ගැන මහ බැංකුවෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්

colombotoday