කොළඹ මහ නගරසභාවේ පුරපතිනිය ලෙස පත්වූ රෝසි සේනානායක මහත්මියගේ භාවිතය සදහා නවීන කැබ් රථයක් මිලදී ගැනීමට පවතින සූදානමට සේවකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.
මින් පෙර සිටි පුරපතිවරයා භාවිති කළ නිල රථය ඉතාමත් හොද තත්ත්වයේ තිබියදී නව පුරපතිනිය විසින් අලුතින්ම වාහානයක් සදහා මුදල වැය කිරීම සේවකයන්ගේ දැඩි අප්‍රසාදයට ලක්වී තිබෙන බවයි පැවසෙන්නේ.
මහ නගරසභාවේ සේවක සුබසාධන ගැටළු රැසක් පවතින්දී, ඔවුන් දැඩි ආර්ථික අපහසුතාවලින් පෙලෙද්දී පුරපතිනියගේ මෙම ක්‍රියා කළාපය තමන් තරයේ හෙළා දකින බව සේවකයන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.