Colombo Today Local News

රනිල්ට එරෙහි වූ වරදට ශ්‍රීලනිප දහසයකට එජාපයෙන් විශ්වාසභංග

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීල.නි. පක්ෂ අමාත්‍යවරුන් ඇතුළු රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් 16 දෙනාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කොට තිබේ.

වත්මන් ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුවට සහ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදීම හේතුවෙන් එම අමාත්‍යවරුන් හතරදෙනා ඇතුළු රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කෙරේ ආණ්ඩුවට විශ්වාසය භංග වී ඇති බවට චෝදනා කරමින් මෙම විශ්වාසභංග යෝජනා දහසයක් අද (06දා) කතානායකවරයාට භාරදෙන බව එ.ජා.ප. කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා ඊයේ පැවැසීය.

අමාත්‍යවරුන් වන එස්.බී. දිසානායක, දයාසිරි ජයසේකර, සුසිල් ප්‍රේමජයන්ත්, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, චන්දිම වීරක්කොඩි සහ ජෝන් සෙනෙවිරත්න යන මහත්වරුන්ටත් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ටී.බී. ඒකනායක, ඩිලාන් පෙරේරා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, අනුරාධ ජයරත්න, සුමේධා ජී. ජයසේන, සුසන්ත පුංචිනිලමේ, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, තාරනාත් බස්නායක යන රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ටත් විරුද්ධව වෙන වෙනම මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බවට මුජිබර් රහුමාන් මහතා වැඩිදුරටත් පැවැසීය.

-‘මව්බිම’

Related posts

මුහුදුබත් වෙමින් ඇති නැවෙන් තෙල් කාන්දු වුවහොත් එය පාලනයට සූදානම්

colombotoday

ජන්ද පත්‍රිකා මුද්‍රණය කිරිමට සුදානම් කරන්න කොමිසන් දැනුම් දෙයි

colombotoday

ආගමික ස්ථානවල සූර්ය පැනල සවිකිරීම අරඹයි

Admin

VAT නැවතත් උසාවි යයි.. තීන්දුව දෙන තුරු පනත සම්මත කරනු බෑ !

colombotoday

අපට පොරොන්දු ඉටු කරන්න බැරිවුණා.. ජනතාව අපේ වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කළා – අගමැති

colombotoday

ඥානසාර හිමිට විරුද්ධව බොරු සාක්ෂි දුන් බවට චෝදනා එල්ල වූ උපුල් කුමාරප්පෙරුම ඉබ්‍රහිම් හාජ්ජියාර් සමග 2015 ජේවීපී ජාතික ලැයිස්තුවේ

colombotoday