Colombo Today Local News

අගමැතිට එරෙහි වූ ශ්‍රීලනිප ඇමතිලා පන්නනවා ! – අගහරුවාදාට කැබිනට් රැස්වීම වටලනවා !

අගමැතිවරයාට එරෙහිව විශ්වාභංගයේදී ඡන්දය ලබාදුන් ශ්‍රීලනිප ඇමතිවරුන් ලබන අගහරුවාදා කැබිනට් මන්ඩල රැස්වීමට සහභාගීවුවහොත් කැබිනට් රැස්වීම වටලන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පවසයි.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් පිරිස අතර ඇමති එස් බී දිසානායක, සුසිල් ප්‍රේම්ජයන්ත්, දයාසිරි ජයසේකර, අනුර ප්‍රියදර්ශණ යාපා, චන්දිම වීරක්කොඩි, සුසිල් ප්‍රේමජයන්ත, ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩිලාන් පෙරේරා, ටී.බී. ඒකනායක යන අය සිටිති.

මේ අතර ලබන අගහරුවාදී සිදු කිරීමට නියමිත බව පැවසෙන කැබිනට් මණ්ඩල සංශෝධනයේදී එම අමාත්‍යවරුන් ඉවත් කෙරෙනු ඇති බවද ආරංචි මාර්ග සදහන් කරයි.

කෙසේ වෙතත් ඔවුන් ප්‍රකාශ කර තිබුණේ කැබිනට් මණ්ඩලය පත්කිරීම පිළිබද තීරණ ගන්නේ ජනාධිපතිවරයා වන බැවින්, අගමැතිවරයාට එරෙහිව ඡන්දය භාවිතා කළද තමන් ඇමති තනතුරුවලින් ඉවත් නොවන බවයි.

 

Related posts

මෙරට ප්‍රථම සුළං විදුලි බලාගාරයෙන් මෙගාවොට් 110 ක් ජාතික විදුලි බල පද්ධතියට

colombotoday

මවයි දුවයි දිය රකුසා බිලි ගනී

colombotoday

ගිනිඅවි තුනක් සහ ගංජා ගස් සමඟ අයෙක් අත්අඩංගුවට

Admin

හෝමාගම සමෘද්ධි බැංකුව මහ දවල් කොල්ලකයි

Admin

මන්නාරමේ නිවසකින් කෝටි 2 ක අයිස් මතුවෙයි

colombotoday

දේවදත්තට මහණ වෙන්න පුළුවන්න වුනානම් කරුණාටත් ඉතිහාසයෙන් ගැලවෙන්න පුළුවන්..

colombotoday