Colombo Today Local News

රනිල්ට ඉවත් වෙන්නැයි කළ ඉල්ලිම : නිමල් ඉවත් කර ගනි..!

අද දිනයේදී පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විශ්වාසභංගය යෝජනාව විවාදයට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඉල්ලා අස්වන ලෙස ඊයේ (04) කැබිනට් මණ්ඩල රැස්වීමේදි අමාත්‍ය නිමල් සිරිපාල විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

නිමල් ඇතුළු පිරිස පවසා ඇත්තේ අග්‍රාමාත්‍යවරයා මේ අවස්ථාවේදී ඉල්ලා අස්වීම වඩා සුදුසු බවත් ආණ්ඩුවට සිදුවන හානිය අවම කිරීමට ඉල්ලා අස්වීම තුළ හැකියාව පවතින බවයි.

එහිදි නිමල් සිරිපාල ඇතුළු පිරිස විසින් විවිධ චෝදනා, විවේචන එල්ල කරමින් සිටි ඇති අතර එහිදී එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබිර් හෂිම් කියා ඇත්තේ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීම පලක් නැති වැඩක් බවයි. අග්‍රාමාත්‍යවරයා කිසිලෙසකින් ඉල්ලා අස්වීමක් නොකල යුතු බවත් අග්‍රාමාත්‍යවරයා රටේ කරගෙන යනුලබන වැඩපිළිවෙල කිසිදු අවස්ථාවක නතර කිරීමට මෙම විශ්වාසභංගය තුළින් හැකියාවක් නොමැති බව ද කබීර් අමාත්‍යවරයා කියා තිබේ.

මෙහිදී කබිර් අමාත්‍යවරයා කියා ඇත්තේ හුදෙක් ජනවාරි 08 වනදා ගෙදර යැවු පිරිසක් විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාවක් මිස එක්සත් ජාතික පක්ෂය විසින් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාවක් නොවන බවයි.

ඒකාබද්ධ විපක්ෂයේ පිරිස විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව පැරදවීමට සම්පුර්ණ හැකියාව ආණ්ඩුවට තිබියදී මෙවැනි ඉල්ලා අස්වීමක් කිසිදු අවස්ථාවක සිදු නොකළ යුතු බව කබිර් අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

එහිදි නිමල් සිරිපාල අමාත්‍යවරයා ඇතුළු අනෙකුත් පිරිස අග්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස්විමට කළ යෝජනාව ඒ අවස්ථාවේදි හකුලා ගෙන ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේ.

Related posts

ප්‍රධාන රෝහල් රැසක කණිෂ්ඨ සේවකයින් පැය 4ක් වර්ජනයක

colombotoday

මහින්ද අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි…

colombotoday

නීතිවිරෝධී ගිනිඅවි සමග දෙදෙනෙක් අල්ලයි

colombotoday

සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වනතුරු ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් නැහැ – ලෝක බැංකුව

colombotoday

උත්සව සමයේ සංචරණයන් සීමා නොකළොත් කොවිඩ් ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළ යා හැකි – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

colombotoday

පවතින අර්බුදය කඩිනමින් විසදීමට අගමැති සූදානම් – එජාප මහලේකම්

colombotoday