Colombo Today Local News

එජාප මන්ත්‍රීන් 40ක් රවී සමග එක්වෙයි.. විශ්වාසභංගයට සහය දීමටනම් කොන්දේසි දමයි..

අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාශභංග යෝජනාව පරාජයට පත් කිරීම සදහා ඡන්දය ලබා දීමටනම් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා කොන්දේසි කිහිපයක් අගමැතිවරයාට ඉදිරිපත් කර තිබෙන බව ‘අද‘ පුවත්පත වාර්තාකර තිබේ.

තමන්ට සුදුසු අමාත්‍ය ධුරයක් සහ එජාපයේ සුදුසු නායක තනතුරක් ලබා දෙන බවට ලිඛිත පොරොන්දුවක් ලබා දෙන්නේ නම් පමණක් මෙසේ සහය දැක්වීමට හැකි බවද හිටපු අමාත්‍යවරයා අගමැතිවරයාට දන්වා ඇතැයි එම වාර්තාව පවසයි.

මේ අතර රවී කරුණානායක මහතා විසින් ඊයේ ඊයේ(02) දා මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය හමුව එජාප ජ්‍යෙෂ්ඨයන්ගේ මැදිහත්වීම මත අද දිනය දක්වා කල්දමා ඇත.

කෙසේ වෙතත් සිරිකොත එජාප මූලස්ථාන ආරංචිමාර්ග වලින් අප වෙත වාර්තා වන්නේ එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් 40ක් පමණ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ගන්නා තීරණයකට සහයදීමට සූදානමින් සිටින බවයි.

ඒ අනුව එම මන්ත්‍රීවරුන් විසින්, එජාපයේ පැහැදිළි ප්‍රතිසංවිධානයක් සිදුකළ යුතු බවත්, එහිදී පසුගිය මැතිවරණයේදී තම ආසන රැකගත් මන්ත්‍රීවරුන් කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දෙන බවටත් ලිඛිතව පොරොන්දු වන්නේ නම් පමණක් විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍යවරයාට සහය දෙන බවට කොන්දේසියක් ඉදිරිපත් කර ඇත. එම පණිවිඩය රවී කරුණානායක මහතා විසින් ඊයේ අග්‍රාමාත්‍යවරයාට සැල කර ඇති බවද පැවසේ.

ඒ අනුව රවී කරුණානායක හිටපු අමාත්‍යරවයා සහ ඔහු සමග සිටින මන්ත්‍රීවරුන් 40 දෙනා විශ්වාසභංගයේ තීරණාත්මක බලවේගය බවට පත්ව සිටින බවද එජාප ආරංචි මාර්ග සදහන් කරයි.

Related posts

ඔන්ලයින් ක්‍රමයට පාස්පෝට් නිකුත් කිරීම සාර්ථකයි

Admin

අසංවරවර ඇවිත්, හිරුණිකා උසාවියට අගෞරව කරලා.. විනිසුරු මඩුල්ලෙන් දැඩි අවවාද

colombotoday

ඉහළ පොලිස් නිලධාරීන්ගේ බලපෑම් නිසා අත්අඩංගුවට ගත් දෙමටගොඩ චමින්දගේ පුත්‍රයා නිදහස් කරයි

colombotoday

අක්කරෙයිපත්තුව කර්මාන්තශාලාවක ගින්නක්

colombotoday

දියත උයනේ පාකිස්ථාන් කොඩි පොලීසිය මැදිහත්වී ගලවා දමයි.. මුස්ලිම් ඇමතිට යකා වැහෙයි !

colombotoday

කෝටි 11ක රත්තරන් ජෙල් කරල් රේගුවේ දී මාට්ටු

Admin