Colombo Today Local News

හන්තාන බෞද්ධ මධ්‍යස්ථාන කඩා දැමූවන් කෝ? මහනාහිමිවරු පොලිසියෙන් විමසති

මහනුවර හන්තානේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ ධර්ම පුස්තකාල මධ්‍යස්ථානයට කිසියම් පිරිසක් අතුළු වී එහි තිබූ ගොඩනැගිලි විනාශ කර බිමට සමතලා කර දින 16 ක් ගතවුවත් නීතිය ක්‍රියාත්මක කිරීමට හා එම පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමටවත් පොලීසිය අපොහොසත්වී ඇතැයි උඩරට අමරපුර මහ නිකායේ භික්ෂූන් වහන්සේලා චෝදනා කරති.

උඩරට අමරපුර නිකායේ මහානායක නුවරඑලියේ චන්ද්‍රජෝති නාහිමි ඇතුළු මහ සංඝරත්නය අදාළ ස්ථානය නිරීක්ෂණය කිරීමට එහි ගිය අතර එහිදී මහනාහිමි ප්‍රමුඛ මහ සංඝරත්නය අදළා චෝදනාව මහනුවර පොලීසිය වෙත එල්ල කළහ.

සංවිධානාත්මක පිරිසක් ඉකුත් 14 වැනිදා මහ දවල් මෙම ස්ථානයට ඇතුළුවී එහි තිබූ ගොඩනැගිලි තුනක් කඩා බිඳ දමා ඇති අතර එහි තිබූ විශාල බුද්ධ ප්‍රතිමාවක් ද රැගෙන ගොස් තිබෙන බවටද උන්වහන්සේලා චෝදනා කරති.

මහනාහිමි ප්‍රමුඛ මස සංඝරත්නය අදාළ ස්ථානය නිරීක්ෂණය කරමින් සිටියදී මහනුවර පොලීසියේ කණ්ඩායමක් එහි පැමිණි අතර එහිදි උඩරට අමරපුර මහ නිකායේ මහ නාහිමියෝ පොලිස් නිලධාරින්ගෙන් විමසා සිටියේ පොලිස් හදිසි ඇමැතුම් අංශයට ලැබුණු ඇමතුමක් මත පොලීසිය මෙහි පැමිණයත් භාවනා මධ්‍යස්ථාන ගොඩනැගිලි කඩා බිඳ දමන අවස්ථාවේ ක්‍රියාත්මක නොවූ පොලීසිය මෙම අවස්ථාවේ ක්ෂණිකය ක්‍රියාත්මක වීම තුළින් පෙනී යන්නේ වරද කරුවන් රැකීමක් යැයිද උන්වහන්සේලා පැවසුහ.

දෙස් විදෙස් ගිහි පැවිදි බෞද්ධයින්ට ධර්මය හැදැරීම පිණිස හා භාවනානුයෝගී වත් පිළිවෙත් ප්‍රගුණ කරලීම අරමුණු කර ගනිමින් මෙම සිද්ධස්ථානය ත්‍රෛනිකායික මහ සංරත්නයේ සහභාගීත්වයෙන් 2008 වසරේදී ස්ථාපනය කර තිබේ.මේ සඳහා පර්චස් 80 ක බිම් කොටසක් වෙන් කර දෙනු ලැබ ඇත්තේ එවකට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ධුරය හෙබවු ෆේරියල් අස්රොෆ් මහත්මිය විසිනි.

මෙම ස්ථානයේ අයිතිය සම්බන්ධ ප්‍රශ්න ඇත්නම් ඒවා නිරාකරණය කරගත යුත්තේ අධිකරණ ක්‍රියාවලියක් තුළින් බවත් මෙලෙස නීතිය අතට ගනිමින් හිතුමතේ වැඩ කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවත් උඩරට අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය නුවරඑලියේ චන්ද්‍රජෝති නාහිමියෝ ප්‍රකාශ කළහ.

මෙම ස්ථානය ගොඩ නැගීම සඳහා මහත් වෙහෙසක් ගත් පොල්ගොල්ල ශ්‍රී සාලවනාරාමාධිපති, මධ්‍යම හා වයඹ දෙපළාත් අධිකරණ සංඝ නායක යටිරාවන සීලානන්ද හිමියන්ට වර්තමානයේදී මරණ තර්ජන පවා එල්ල වෙමින් තිබෙන බවත් මේ සම්බන්ධව පොලීසිය ක්‍රියාත්මක නොවන්නේ ඇයිද යන්න පිළිබඳව තමන් වහන්සේ පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කරන බවත් උන්වහන්සේ කීහ.co

Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට සහල් සඳහා උපරිම මිලක්

colombotoday

අන්තවාදීන් කිසිම කෙනෙක් මගේ ආණ්ඩුවට ගන්නේ නෑ – ගෝඨාභය සහතික වෙයි

colombotoday

ගාල්තැන්න දේවාලයේ රන් කිලෝ 10කට විද්ද හොරු 4ක් පොලිසියෙන් සොයා දෙයි !

colombotoday

ආනයනික කිරිපිටි මිල පහළට

Admin

ෆේස්බුක් ඔස්සේ වෛරී ප්‍රකාශ නිකුත්කළ ෆසාල් නිසාර්ගේ සන්නිවේදන ජාලයේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයත් සිටින බව CIDය හෙළිකරයි

colombotoday

“ආසන්නයේ විශාලතම රටවල් සමග ගිවිසුම්වලට යාමෙන් දියුණු වූ කිසිදු රටක් නෑ” – පාත්ෆයින්ඩර් පදනම

colombotoday