Colombo Today Local News

විශ්වාසභංග විවාදය පැය 12 ක්

අගමැති රනිල් වික්‍රමසිංහ  මහතාට විරුද්ධව ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයයට  පැය 12 ක  කාලයක්  වෙන් කිරීමට පාර්ලිමේන්තුවේ  විපක්ෂ නායකයින්  තීරණය කර ඇත.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට   දිනක විවාදයක්  වෙනුවෙන් මෑත ඉතිහාසයේ  මෙතරම් දීර්ඝ කාලයක්  වෙන් කරන පළමු  අවස්ථාව මෙය වෙයි.

විවාදය ලබන 4 වැනිදා පෙරවරු 9.30 ට  ආරම්භ වී  රාත්‍රී 9.30  දක්වා පැවැත්වීමට නියමිතය.

මේ පිළිබඳව කළ විමසුමකදී  අදහස් දැක්වු  කතානායක කරූ ජයසුරිය මහතා  විවාදයට කාලය අවශ්‍ය නම්  ලබා  දීමට සුදානම් බව පැවසීය.

විවාදයේදී සියළු දේශපාලන  පක්ෂවලට සාධාරණ කාලයක්  වෙන් කරන බවද කී කතානායකවරයා  ඉලෙක්ට්‍රොනික  ක්‍රමය නැතිව පැරණි ක්‍රමයට  විවාදයේ ඡන්ද විමසීම පැවැත්වීමට තීරණයක් ගෙන ඇතැයි ද සඳහන් කළේය.

Related posts

ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක්

colombotoday

ඇමති චම්පිකගේ පියා කලුරිය කරයි

colombotoday

“නුවරඑළියේ ප්‍රා. සභා පහ දොළහක් කළ යුතුයි” – ඇමැති මනෝ ගනේෂන්

colombotoday

“ඩොලර්වලින් යැපෙන NGO කාරයෝ මේ රට විනාශ කරන්න හදනවා“ – අධිකරණ ඇමති

colombotoday

සති අන්තයේ විදුලි කප්පාදුවක් නැහැ

colombotoday

පාස්කු ප්‍රහාරය : ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව ජනපතිට භාරදෙයි

colombotoday