Colombo Today Local News

හපුතලේ ප්‍රා සභා බලයත් එජාපයෙන් ගිලිහෙයි

එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ හපුතලේ ප්‍රෙද්ශීය සභාවේ සභාපති ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පී කේ කන්නා මහතා තේරී පත් විය.

පළාත් පාලන මැතිවරණයේ දී හපුතලේ ප‍්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත‍්‍රීවරු හත් දෙනෙක් ද, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මන්ත‍්‍රීවරු හය දෙනෙක් ද, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මන්ත‍්‍රීවරු හය දෙනෙක් ද, ජනතා විමුක්ති පෙරමුණෙන් එක් මන්ත්‍රීවරයෙක් ද තේරී පත් වූහ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව හපුතලේ ප‍්‍රාදේශීය සභාව බලය පිහිටුවීමට අත පියවර ගත්තේය.

සභාපතිවරයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කළ ලංකා කම්කරු කොන්ග‍්‍රසයේ පී.කේ.කන්නා මහතා පත්වූ අතර උප සභාපතිවරයා ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ වයි.එම්.නිමල් අමරසිරි මහතා පත්විය.

Related posts

සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රහාරයට විරෝධය.. වෛද්‍යවරු අද වැඩ වර්ජණයේ !

colombotoday

රෙද්දේ බද්දත් ඉහළට… සෙස් බද්දට අමතරව 15%ක වැට් බද්දක්…

colombotoday

අභියාචනාධිකරණ නව විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි

colombotoday

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඇතුළු ආයතන කීපයක් ඈවර කිරීමට සූදානම්

Admin

රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහ නා හිමියෝ අපවත් වෙති

colombotoday

“සිර්ට ඕනි විදිහට තීන්දු මම දෙන්නම්” අගවිනිසුරු ජනපතිට කියලා

colombotoday