Colombo Today Local News

“අපි ඔක්කොම ලාංකිකයි, එක මවකගෙ දරුවො කියන්න බෑ” – විග්නේෂ්වරන් වෙන් වෙන්න තව පොටක් හොයයි

ශ්‍රී ලංකාවේ වෙසෙන සැම දෙනාම එකම මාතාවකගේ දූ දරුවන් ලෙස හඳුන්වාදෙනු ලැබීම මහ ජාතියේ මතවාදයට වෙනත් ජාතීන් යටපත් කරගැනීමේ වෑයමක් ලෙසට උතුරේ මහ ඇමැතිවරයාගේ විවේචනයට ලක්වී තිබේ.

මහ ආණ්ඩුවෙනුත් මහ ජාතියෙනුත් ඉදිරිපත් කරනු ලබන “ඔක්කොම ලාංකික, වෙනස්කම් අවශ්‍ය නෑ, එක මවකගේ දු දරුවන්” වැනි ඇතැම් මතවාද බැලූ බැල්මට නිවැරදි යයි පෙනී ගියත් එමගින් ජාතීන් අතර විවිධත්වය වසං කොට සුළු ජාතිකයන් මහ ජාතියට යටත් කිරීමේ යටි අරමුණක් විදහා දැක්වෙන්නේ යයි මහ ඇමැති සී වී විග්නේස්වරන් ප්‍රකාශ කළේ උතුරේ මාධ්‍යවේදීන් හමුවේය.

“අපි හැමදෙනාම එකම මවකගේ දු දරුවන් කියන විට අපේ අම්මලාත් සිංහල බෞද්ධ වෙනවා,” යි මහ ඇමැති විග්නේස්වරන් කියා සිටියේය

“ඔයාලා අපිත් එක්ක එකතු නූනොත් ඔබලාව අපි එකතු කරගන්නේ නෑ. ගහලා වද දෙනවා කියලාත් අර්ථකථනය කර ගන්න පුළුවන්.”

දෙමළ ජනතාවගේ දේශපාලන අවශ්‍යතා සලකා බලා විසඳුම් ලබා නොදී මධ්‍යම ආණ්ඩු වලින් සපයන උත්තරයක් ලෙස මහ ඇමැති විග්නේස්වරන් විසින් එම මතවාද හඳුන්වා දෙන ලදී.

Related posts

ඉස්ලාම් අන්තවාදීන්ට එරෙහිව මියන්මාර් හමුදා මෙහෙයුම් නතර කරන්න… මඩකලපුවේ උද්ඝෝෂණ

colombotoday

බස් රථයක් ප්‍රපාතයකට කරනම් ගහයි

colombotoday

බැසිල් පළාත් පාලන ආයතන වලට බලය දෙනවා කිව්වේ නැහැ.. – SLPP ප්‍රධාන ලේකම් කියයි

colombotoday

නව පනතක් සම්මත නොකර පැරණි ක්‍රමයට පළාත් සභා බෑ

colombotoday

විශ්වවිද්‍යාල සිසු පා ගමනට එරෙහිව පොලිසිය ඉල්ලූ තහනම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි

colombotoday

ලක්ෂ 4ක ජනතාවක් අපේ FREE WI-FI වලින් ඉන්ටනෙට් එනවා…

colombotoday