Colombo Today Local News

ග්ලයිෆෝසෙට් තහනම් ඉවත් කරන යෝජනාව අද කැබිනට්ටුවට.. රතන හිමි පාරට බහින්න සූදානම්

ග්ලයිෆොසේට් ගහනම ඉවත් කිරීමේ කැබිනට් පත‍්‍රිකාව හෙට සම්මත වුවහොත් ඒ මොහොතේම තමන් පාරට බහින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.

මේ කැබිනට් පත්‍රිකාව සම්මත නොකරන බවට ජනාධිපතිතුමන් තමන්ට පොරොන්දු වූ බවත් ග්ලියෆොසේට් තහනම් කරන බවට ඔහු මැතිවරණ පොරොන්දු පවා දී තිබෙන බවත් උන්වහනසේ  පැවැසූහ.

වාහනයක් නිවසක් සුව පහසු ජීවිතය හෝ  දරුවන්ගේ විදේශ අධ්‍යාපනය වෙනුවෙන් මෙහෙම රට විනාශ කරන ජාතික අපරාධ කරන්නේ පාතාලයන් බවත් තමන්වහන්සේ ඔවුන් හඳුන්වන්නේ ටයි කෝට් දාගත්තු උගත් අපරාධකාරයන්  ලෙසින් බවත් රතන හිමියෝ කීහ.

ග්ලයිෆොසේට් තහනම ඉවත්කරන්නට සහාය දෙන්නන් ඉදිරියේ දී අපරාධකාරයින් ලෙස නම් කරන්න කටයුතු කරන බව ද රතන හිමියෝ කීහ. රතන හිමියෝ මේ අදහස් පළ කළේ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආයතනයේ  (26) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ අතර ග්ලයිෆෝසෙට් තහනම ඉවත් කිරීමේ යෝජනා දෙකක් අද කැබිනට් මණ්ඩල හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවද වාර්තා වේ.

Related posts

ජනපති කියූ පරිදිම කරයි..! (පළාත් සභා) ඇමති සංශෝධනයක් කර පෙන්වයි…

colombotoday

කම්කරුවන් අතින් ගැහෙන සහ ගැලවෙන කම්කරු දින දේශපාලන කටවුට්

colombotoday

යාපනයේ තාවඩි ගම්මුන්ට නිවාස වලින් පිටතට යාම තහනම් කරති

colombotoday

එක්සත් ජනතා නිදහස් සන්ධානය අයවැයට විරුද්ධ වෙයි…

colombotoday

හිජාස් හිස්බුල්ලා හමුවී උපදෙස් ගන්න නීතිඥවරුන්ට අවසර

colombotoday

ඇමෙරිකාවේ දෙවැනි ශ්‍රී ලාංකිකයාත් මිය යයි

colombotoday