Colombo Today Local News

පුංචි ඡන්දෙට බැංකු ගිණුමෙන් ලක්ෂ 4800ක් අරන්.. කැළෑ පාලු ඇමතිට මෙච්චර සල්ලි කොහෙන්ද?

මැතිවරණ සදහා මෙරට දේශපාලන පක්ෂ අතිශය විශාල මුදලක් වැය කිරීම සෑම මැතිවරණයක් ආසන්නයේම දැක ගත හැකි සුලභ දසුනක්. මෙම මුදල් සදහා වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීමටද ඇතැම් විට දේශපාලන පක්ෂ මැලි වෙනවා.

මේ අතර පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයට අතිවිශාල ධනස්කන්දයක් වියදම් කළ දේශපාලකයෙක් පිළිබද වාර්තා වෙනවා. කැළැ එළි කිරීමට සහ වන විනාශයට ප්‍රසිද්ධයක් උසුලන මෙම මුස්ලිම් දේශපාලකයා අමාත්‍යවරයෙක්ද වනවා.

පසුගිය පළාත් පාලන මැතිවරණයට එම දේශපාලකයා , සිය පෞද්ගලික බැංකු ගිණුමෙන් ලබා ගෙන තිබෙන මුදල රුපියල් මිලියන 480ක් , දේශපාලනය ජිවීකාව කර ගත් මෙම දේශපාලකයාගේ බැංකු ගිණුමේ එතරම් විශාල මුදලක් මුදලක් තිබුනෙ කෙලෙසකදැයි සොයා බැලිය යුතුම කරුණක් ,

කෝටී 48ක මුදලක් යනු මෙරට සිංහල , දෙමල , මුස්ලිම් , බර්ගර් මහජනතාවගෙන් අති බහුතරයකට මුලු ජිවීත කාලය තුලදීම කොපමණ වෙහෙස වුවද උපයා ගත නොහැකි තරමේ විශාල මුදලක්. එවැනි මුදලක් මෙම දේශපාලකයාට පුංචි ඡන්දයකට වැය කිරීමට තරම් සුලු මුදලක් නම් , මෙම මුදල් මෙම දේශපාලකයන් උපයා ගත් ආකාරය රටේ සියලූම ජනතාව දැන ගත යුතු බව නෙත් ගොසිප් අපගේ හැඟීමයි.

නෙත් ගොසිප්

Related posts

TRC සභාපති අරගලකරුවන්ට සහය දෙයි!

colombotoday

දඩුවම දෙවසරක සිර දඩුවමක්… කොටි ඉල්ලූ විජයකලාට එරෙහිව පියවර ගන්න… නීතිපති පොලිස්පතිට දන්වයි…

colombotoday

ශ්‍රීලනිප ප්‍රබල ඇමති 5ක් බැසිල් හමුවේ.. ආණ්ඩුවෙන් ඉල්ලා අස්වෙන්න සියල්ල සූදානම් !

colombotoday

මාළු ගන්න ගිය දැරියක් අධික තෙරපීම නිසා මුහුදට වැටෙයි

Admin

කවුරු විරුද්ධවුණත් මට කැබිනට් ඇමතිකමක් ලැබෙනවා, ඒක ස්ථීරයි – රංගේ

colombotoday

වන විනාශයන් නතර කිරීමට සියළු ආරක්ෂක අංශ එක්කර කඩාපනින හමුදාවක්

colombotoday