Colombo Today Local News

ඉස්ලාමාබාද් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත වේ

පාකිස්ථානයේ, ඉස්ලාම්බාද් නුවර රාජ්‍යතාන්ත්‍රික පරිශ්‍රයේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පස්වරුවේ සිදු විය.

පාකිස්ථාන ජනාධිපති මම්නුන් හුසේන් මැතිතුමාගේ විශේෂ නිල ආරාධනය පරිදි පාකිස්ථානයේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපතිතුමා එරට පිහිටි එකම ක්‍රියාකාරී බෞද්ධ විහාරස්ථානය වන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙත අද පස්වරුවේ පැමිණියේය.

පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබාගත් ජනාධිපතිතුමා එම විහාර පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාව ද නිරත විය.

ඉන් අනතුරුව මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සමරු ඵලකය නිරාවරණය කර බෞද්ධ මධ්‍යස්ථානය නැවත ප්‍රතිෂ්ඨාපනය කරනු ලැබීය.

ඡායාරූප – ජනාධිපති මාධ්‍ය අංශය

Related posts

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 10 ක් ස්වාධින වෙයි

colombotoday

ධම්මික පෙරේරා මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

colombotoday

පවතින අක්ෂි කාච ප්‍රමාණවත් සතියකට පමණයි – සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

Admin

මහවැලි ඉඩම් අක්‍රියභාවය සහ අවභාවිතා කිරීම පිළිබඳ පරීක්ෂණ

Admin

එන්නත එපා කී රතන හිමි යුධ හමුදා රෝහලට ගොස් එන්නත ලබාගෙන

colombotoday

මඩකලපුව සියොන් දේවාස්ථානයේ ප්‍රහාරයට යොදාගත් යතුරු පැදිය තිහාරියේදී අල්ලයි….

colombotoday