Colombo Today Local News

පොහොට්ටුව-ශ්‍රීලනිප එක්වී මීගමු නගරසභාවේ බලය පිහිටුවයි.. නගරාධිපති පොහොට්ටුවේ ලන්සා

මීගමුව නගර සභාවේ නගරාධිපති ලෙස දයාන් ලාන්සා මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්ව තිබේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් උප නගරාධිපති පත් කරනු ලැබීය.

පොදුජන පෙරමුණ නියෝජනය කල ලාන්සා මහතා ලබාගත් ඡන්ද සංඛාව 25 කි.

ඊට එරෙහිව තරගකල එජාප අපේකෂක රොයිස් විජිත ප්‍රනාන්දු මහතා ලබා ගත් ඡන්ද සංඛාව 19 කි.

ලංසා අනුග්‍රහය දැක්වූ ස්වාධීන කණ්ඩායම් දෙකක් වන මාළුවා සහ සරුංගලේ සහයෝගය පමණක් නොව කෙහෙල් ඇවරියේ මන්ත්‍රීවරයාගේ සහයෝගයද ලංසාට හිමිව ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පළාත් පාලන මැතිවරණයේදී මීගමුව මහනගර සභාව ජය ගැනීමට සමත්වූයේ එක්සත් ජාතික පක්ෂය විසිනි.

මීගමුව මහනගර සභාවේ කොට්ටාශ 29 යෙන් 19 ක්ම එක්සත් ජාතික පක්ෂය ජයගත්තද නව මැතිවරණ ක්‍රමය අනුව ආසන බෙදීගොස් තිබුණේ පහත අයුරිනි.

එ. ජා. පක්ෂය ඡන්ද 32,045 40.34% ආසන 19
පොහොට්ටුව ඡන්ද 26,129 32.9% ආසන 16
ශ්‍රී. නි. පක්ෂය 9,661 12.16% ආසන 6
JVP 4,971 6.26% ආසන 3
ACMC (මොනරා) 2,224 2.8% ආසන 1
කෙහෙල් ඇවරිය 2,053 2.58% ආසන 1
ස්වාධීන (මාළුවා) 884 1.11% ආසන 1
ස්වාධීන (සරුංගලේ) 795 1% ආසන 1
මුළු සාමාජිකයන් 48
වලංගු ඡන්ද 79,428
ප්‍රතික්ෂේප වූ ඡන්ද 1,465
මුළු ප්‍රකාශිත ඡන්ද 80,893
ලියාපදිංචි ඡන්ද 110,383

Related posts

මේ තත්ත්වය යටතේ කවදාවත් ක්‍රිකට් හදන්න වෙන්නේ නෑ

colombotoday

රජය ඖෂධ හිඟය පියවීමට දානපතියන්ගේ සහය පතයි

colombotoday

ගල් අඟුරු නිධි පවතින රටවල් ගල් අඟුරු බලාගාර වසා දමන පසුබිමක ලංකාව සාම්පූර් බලාගාරය පණගන්වන්නේ ඇයි?

colombotoday

උඩුවේ හිමියන් ඇපමත නිදහස්

colombotoday

“භික්ෂූන්වහන්සේලාගේ නඩු වගේම අනිත් නඩුත් වේගවත් කරන්න” – ඇමති චම්පික ඉල්ලයි

colombotoday

දැන් මේක සුද්දාට ගිය රටක් ! යහපාලකයෝ කන්නේ බත්ද කියලා දැන් නම් සැකයි

colombotoday