Colombo Today Local News

මහනුවර කලහයෙන් හානි වූ අයට ලක්ෂ 98ක් වන්දි

මහනුවර ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී සිදුවීම් හේතුවෙන් අලාභ හානිවූ නිවාස හා ව්‍යාපාරික ස්ථාන 131 සඳහා මුල් අදියරේ වන්දි වශයෙන් රුපියල් ලක්ෂ 98 ක මුදල් ප්‍රදානය කිරීම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහක් වන හාරිස්පත්තුව, කුණ්ඩසාලේ,ගඟවට කෝරළේ ,පූජාපිටිය, සහ අකුරණ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහක නිවාස හිමියන් 66 කට හා ව්‍යාපාරිකයින් 65 දෙනෙකු වෙත මෙම මුදල ප්‍රදානය කිරිම සිදුවිය.
මේ අතර හානිවූ නිවසක් සඳහා රුපියල් 50000 ක් ද ව්‍යාපාරික ස්ථානයක් වෙනුවෙන් රුපියල් 100,000 ක මුදලක් ද මුලික වශයෙන් ලබා දීමට රජය තීරණය තිබේ.

තක්සේරු කටයුතු සම්පූර්ණයෙන්ම නිමවූ පසු නියම කරන අදාළ වටිනාකම් කඩිනමින් ගෙවීමට රජය සැලසුම් සකස් කර ඇත.
හානි වූ ආගමික ස්ථාන සදහා තම අමාත්‍යාංශය මගින් රුපියල් ලක්ෂ 10 මුදලක් ලබා දිය හැකි බවත් ඊට වැඩිවන මුදල් කැබිනට් අනුමැතියක් ලබා ගෙන මුදා හැරිය හැකි බවත් හෙතෙම මෙහිදී ප්‍රකාශ කළේය.

විපතට පත් වූවන් පිළිබඳ සොයා බලා ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා තම අමාත්‍යාංශයේ කාර්යාලයක් සෑම සදුදා දිනකම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විවෘතව තබන බවත් සියලු අයට වන්දි ලබා දීමට රජය ක්‍රියා කර ඇති බවද බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය එම්.එල්.එම්. හිස්බුල්ලා මහතා ප්‍රකාශ කළේය.

Related posts

සබන් කියා බේතින් බාර් විකුණා පාරිභෝගිකයින් මුලා කිරීම! අපිට නොදැනි අපි විකිණෙන අමුතු රටක් මේක !

colombotoday

කිඹුලා ඇළේ ගුණා ගේ මත්ද්‍රව්‍ය මෙහෙයුම්කරු සුරේෂ් ගේ ගෝලයෙක් සමග මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

colombotoday

බණ්ඩාරනායක මැතිනිය හිටවූ ගසට ගිනි තැබූ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරියා අත්අඩංගුවට

colombotoday

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය : හේමසිරි සහ පූජිත්ගේ නඩු අවසන්

colombotoday

හොරොයින් පැකට් කල කතුන් 6ක් දැලේ

colombotoday

විශිෂ්ඨ බුද්ධි විරුවෙකු මත පාස්කු ප්‍රහාරය පැටවීමේ සිරිල් ගාමිණි පුජක තුමාගේ කතාව CIDයට

colombotoday