Colombo Today Local News

විමල්-ජයන්ත අධිකරණයට භාර වෙයි… අද දුන් තීන්දුව මෙන්න

අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර මහත්වරුන් නීතීඥවරයෙකු මාර්ගයෙන් අද අධිකරණයට භාරවිය.

මේ හේතුවෙන් ඔවුන්ට එරෙහිව ගොණු කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

කුරුඳූවත්ත පොලිසිය ගොනුකර තිබු නඩුවක් විභාගයට ගත් අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනුයි ඔවුන්ට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ වරෙන්තු නිකුත් කරනු ලැබුවේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසේන් මෙරටට පැමිණීමට විරෝධය පල කරමින් 2016 වසරේ කොළඹදී පැවැත්වු උද්ඝෝෂණයක් හේතුවෙන් මහජන පීඩාවක් සිදූවීම ඇතුලු චෝදනා කිහිපයකට අදාලවයි සැකකරුවන්ට එරෙහි මෙම නඩුව විභාග වන්නේ.

මෙහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර මහත්වරුන් සදහන් කලේ ඊයේ දිනයේදී අධිකරණය හමුවට පැමිණීමට නොහැකි වීම සම්බන්ධයෙන් තමන් කණගාටුවන බවයි.

Related posts

ජනවාරි සිට ගෑස් මිල යළි ඉහළට

Admin

ප්‍රදේශ 29 ක හුදකලාබව ඉවතට

colombotoday

Online අධ්‍යාපනයෙන් ළමයින්ට මානසික රෝග රැසක්… දරුවන් රෑ එළිවෙනකන් අසභ්‍ය වීඩියෝ පට බලන්න පෙළඹිලා

colombotoday

උද්ඝෝෂණ කරද්දී අපි දැනගත්තා ඕක වෙයි කියලා | සජිත්ට කොරෝනා හැදුන එක ගැන නාමල් කියයි

colombotoday

ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් තවත් අයෙක් හෙළිවෙයි !

colombotoday

පාසල් වේලාවෙන් පසු සිසුන්ට වෘත්තීය අධ්‍යාපනය

colombotoday