Colombo Today Local News

නීතිය හා සාමය බිද වැටීමේ තරම පෙනෙයි.. මහ මගදි චිකාගෝ පන්නයේ වෙඩි තැබීම්.. පාතාල මිනී මැරුම් රට පුරා..!

මේ වන විට පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යළි හිසඔසවමින් මහ මඟ මහ දවාලේ මිනීමරන චීකාගෝ පන්නයේ අරාජිකත්වයක් නිර්මාණය වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ.

ගෙවී ගිය මාස තුන ඇතුලත චිකාගෝ පන්නයේ මහ දවල් මඟ වෙඩි තබා මිනීමැරීම් 06 ක් වාර්තාවී ඇත. මීට අමතරව පාතාලයට සහ මත්කුඩු ජාවාරම්වලට අදාළ මිනීමරුම් රැසක් ද වාර්තාවේ.

මේ අතර ඊයේ (19) දහවල් ආමර් වීදිය, මැසෙන්ජර් වීදිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව පොලිසිය පැවසීය.

අදාළ අවස්ථාවේදී මෝටර් රථයේ යුවලක් ගමන් කරමින් සිට ඇති අතර ඔවුන් දෙදෙනාටම වෙඩි වැදී තිබේ.

වෙඩි වැදීමෙන් 42 හැවිරිදි ඉනසමුත්තු ඇන්තනී රාජ් නැමති පුද්ගලයා මියගොස් ඇති අතර ඔහුගේ බිරිඳ වෙඩි වැදීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

මීට අමතරව පාතාල නායකයකුව සිට ඝාතනයට ලක්‌වූ සමයාගේ ගෝලයකු බව පවසන අයකු අතුරුගිරියේදී ඊයේ (19) යතුරුපැදිවලින් පැමිණි පිරිසක්‌ විසින් ඝාතනය කර ඇත.

Related posts

සේනා උතුරුමැද ආක්‍රමණය කරද්දී හම්බන්තොටට තවත් ආගන්තුකයෙක්…

colombotoday

හිටපු නීතිපති ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවයි

Admin

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ඝාතනය කිරීමට සම්බන්ධ අරගලකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට

colombotoday

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

මත්පෙති 18,000ක් පේසාලේ දී STF භාරයට

Admin

ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් ආහාර ආධාරයක්

Admin