Colombo Today Local News

දුඹුරු එළදෙනක සොරාගෙන ඩයිදමා කළු කරලා.. වැස්සියි, සැකකරුයි දෙන්නම අත්අඩංගුවට !

රුපියල් හැට දහසක් පමණ වටිනා එළ වැස්සියක සොරා ගෙන ගොස් කොණ්ඩයේ ආලේප කරන කළු පැහැති ඩයි වර්ගයක් ආලේප කොට නිවෙසක පිටුපස බැඳ තබා සිටියදී එළ වැස්සිය හා නිවෙස් හිමියා සැකපිට අත් අඩංගුවට ගත් බව ගිරිබාව පොලීසිය කීය.

ගිරිබාව, පහළ ගිරිබාව කුඹුරු යායේ බැඳ සිටි වයස අවුරුදු එකයි මාස දෙකක් පමණ වූ එළවැස්සිය සොරාගෙන ගොස් ඇති බවට පහළගිරිබාව පදිංචි සුනිල් චාමර නමැති අය කළ පැමිණිල්ලකට අනුව විමර්ශන කටයුතු සිදු කළ පොලීසියට මේ ගව සොරකම අනාවරණය කර ගැනීමට හැකි තිබේ.

පැමිණිලිකරුගේ එළවැස්සියට සමාන එළ වැස්සියක ඉහළවැව, වරාවැව ප්‍රදේශයේ නිවසක පිටුපස සිටින බවද, එහෙත් තමාට අයත් එළ වැස්සිය ගුරු පැහැති එකියක බවත් යට නිවසේ පිටුපස සිටින වැස්සිය කළු පැහැති බවත් පැමිණිලිකරු පොලීසියට ප්‍රකාශ කොට තිබේ. පැමිණිලිකරුත් සමඟ පොලීසිය මෙම නිවසට ගොස් එළවැස්සිය පරික්ෂාකරන විට ඒ වැස්සිය පැමිණිලිකරුගේ පාද ලෙව කෑමට පටන්ගත් බවද පොලීසිය කීය. එළ වැස්සිය තව දුරටත් පරීක්ෂා කිරිමේදී ඇගේ ශරීරයේ කළු පැහැති ඩයි වර්ගය තවරා තිබෙන බවද, වැස්සියගේ බඩ ප්‍රදේශයේ තැන් තැන්වල ඩයි තවරා නොතිබූ බවද පොලීසිය කීය. මේ නිවෙස පිටුපස තව එළදෙනෙනුන් දෙදෙනෙකු සිටි බවත්, ඒ සතුන්ද මෙසේ සොරාගෙන පැමිණ ගස් බැද තබන්නට ඇතැයි සැකටත් ඒ දෙනුන් දෙදෙනාද නිවෙස්හිමිකරු ද අත් අඩංගුවට ගත් බවත් පොලීසිය කීය.

සැකකරු විවාහකයෙකු බවත් මෙවැනි අපරාධවලට සම්බන්ධව අධිකරණයෙන් දඩුවම් විඳි අයකු බවත් පොලීසිය කීය. නිකවැරටිය පොලිස් අධිකාරී සංජීව බන්ඩාර ගල්ගමුව සහකාර පොලිස් අධිකාරී දර්ශන ගාල්ලගේ යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය මත ගිරිබාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක පුෂ්ප කුමාර මහතාගේ උපදෙස් මත වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රත්නායක මහතා ඇතුළු පිරිසක් පරීක්‍ෂණ සිදු කරති. සැකකරු ඊයේ (19) ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ලංකාදීප

Related posts

ගෙවුණු මාස 5 තුළ මෙරටින් HIV ආසාදිතයන් 13ක්

colombotoday

අලුතින් සොයාගත් හූනන් හයකට ජාතික වීරයන් හයකගේ නම් දෙති

colombotoday

“වෙනසක්” කරන්න ගිහින් රටක් නැතිකරගත් ලිබියාවේ මිනිස්සු දැන් කියන කතාව !

colombotoday

බොරැල්ලේ ට්‍රැෆික් OIC යටකර පලාගිය ඩිෆෙන්ඩරයේ රියදුරුට ඇප…

colombotoday

ඝාතකයින්ට පොදු සමාව නොහොත් කලාකාමී මැතිඳුගේ මානසික ප්‍රහාරය

colombotoday

හොරකම් කරාද? අහන්න බදියුදීන්, හකීම් දෙපළ FCID කැදවයි

colombotoday