Colombo Today Local News

එජාපය එකට එක කරයි.. විශ්වාසභංගයට පෙර, විධායක ජනපති ධුරය අහෝසි කරන යෝජනාව පාර්ලිමේන්තුවට

ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන්නට යන විශ්වාසභංග යෝජනාවට ප්‍රතිචාර ලෙස එ.ජා.ප.යෙන් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමට සැරසෙන බව වාර්තා වෙයි.

එ.ජා.ප.ය සහ ශ්‍රීල.නි.ප.ය අතර පවත්නා සීතල යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස මෙම යෝජනා දෙක එකවර කරළියට ගෙන එනු ඇතැයි දැනගන්නට තිබේ.

ඒකාබද්ධය හා ශ්‍රීල.නි.ප.ය අගමැතිවරයාට එරෙහිව ගෙන එන්නට සැලසුම් කෙරෙන විශ්වාසභංගයට ශ්‍රීල.නි.ප. ජ්‍යෙෂ්ඨයන් 4 දෙනකු හැර අන් සියලු මන්ත්‍රීන් අත්සන් කිරීමට දැනටමත් ප්‍රතිඥා දී ඇති අතර ඇතැමුන් අත්සන් කර ඇති බවද කියැවේ. මෙයට එ.ජා.ප. රජයට සම්බන්ධ වී සිටින පක්ෂයක හා සංවිධානයකට සම්බන්ධ මන්ත්‍රීන් කිහිප දෙනකුද අත්සන් කරනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂ ජ්‍යෙෂ්ඨයෙක් දේශයට කීය. පසුගිය සිකුරදා දහවල් පාර්ලිමේන්තුවට රැස්වු ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීහු සුබනැකතින් විශ්වාසභංගයට අත්සන් තැබීම අැරඹුහ.

මේ ආකාරයට විශ්වාසභංගය පෙළගැසෙද්දී එ.ජා.ප. දේශපාලන උපදේශකයන්ගේ උපදෙස් මත විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවට වන ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් කඩිනමින් කෙටුම්පත් කොට මැතිසබයට ඉදිරිපත් කිරීමට සැලැසුම් කර ඇත. එවිට විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ප්‍රතිඥාව ලබාදී බලයට පත් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම ඊට සහාය දුන් ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ සන්ධානය ඇතුළු පක්ෂවලට උදව් දීමට සිදුවනු ඇත යන්න එ.ජා.ප.යේ මතයයි. එසේම නැවත බලයට පත්වීමේ අපේක්ෂාවෙන් සිටින මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරයට තරග කිරීමට විධායක ජනාධිපති ධුරය අහෝසි වීමෙන් වාසියක් සැලසෙන නිසා ඒකාබද්ධ විපක්ෂයද ඊට සහාය දෙනු ඇතැයි එ.ජා.ප.ය අපේක්ෂා කරයි.

මේ නිසා විශ්වාසභංගය හා සමගාමීව විධායක ජනාධිපති ධුරය අහෝසි කරන යෝජනාව ළඟදී කරළියට ගෙනඑනු ලබන බව ඉතා විශ්වාස කටයුතු ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.

– Deshaya

Related posts

කැෆේ කීර්ති ගෝඨා පරාජය කිරීමේ මෙහෙයුමක. ජනපතිට පැමිණිලි. මෛත්‍රී ගුණරත්න යලි මධ්‍යමට?

colombotoday

MCC ගිවිසුම අත්සන් කරන ආණ්ඩුවක මම මොහොතක් ඉන්නෑ- විමල්

colombotoday

කොටස් වෙළෙඳපොළ ඒකක 99.49කින් ඉහළට

Admin

ගෝඨාගේ තීරණාත්මක තීන්දුව සවස 6ට

colombotoday

ඉදිරි පැය 24 තුළ ගංවතුර ගැලීමේ අවදානමක්

colombotoday

ව්‍යවස්‌ථා සම්පාදක සභාවෙන් ඊළමට දොරවල් අටක්‌!

colombotoday