Colombo Today Local News

අගමැති රනිල් 2020 ජනපති කරවීමට අපකැප වෙනවා – කවින්ද ජයවර්ධන

නායකත්වය ගැන ඇතැමුන් කුමන ප්‍රකාශ සිදුකළද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් මේ මොහොතේ නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදුවිය යුතු ආකාරය ගැන සොයා බැලීමට කමිටුවක් පත් කර තිබෙන බවත් එම කමිටු වාර්තාව ළඟදීම පක්ෂය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඒ මහතා සඳහන් කළේය.

පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදුවී නව වැඩපිළිවෙළක් යටතේ එක්සත් ජාතික පක්ෂය ඉදිරියට යා යුතු බවත් එජාප ගමනක් යැමේදී පක්ෂයේ ක්‍රියාකාරකම් සඳහා තරුණ පිරිසේද ජවය උපයෝගී කරගනිමින් නව ගමනක් යෑමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ක්‍රියාකළ හැකි බවත් කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කරයි.

2020 ජනාධිපතිවරණය සඳහා එජාප අපේක්ශකයා රනිල් වික්‍රමසිංහ බවත් එතුමා ජනපති කිරිමට කැපවෙන බවද පවසයි.

Related posts

12.5kg හිස් ගෑස් සිලින්ඩරයක මිල රු. 20,000 ඉක්මවයි

colombotoday

ඡන්ද හිමියන් සදහා ඡන්ද පත්‍රිකා නොලැබුනොත් කළ යුතු දේ

colombotoday

බදියුදීන් හරි, ඔහුට චෝදනා කිරීම වැරදියි – ජෝන්, කිරිඇල්ල බදියුදීන් වෙනුවෙන් හිටගනී…

colombotoday

මහින්ද කියන්නේ පිස්සෙක් නෙවෙයි – අගමැති රනිල් කියයි

colombotoday

නව විදුලිබල පනත ගැසට් කරයි

Admin

නිදහස සමරද්දී පාරවල් අවහිර කරන්න එපා – අධිකරණ‍යෙන් තහනම් නියෝගයක්

Admin