Colombo Today Local News

මහනුවර ආරක්ෂාව හමුදාව යටතට…

මහනුවර ප්‍රදේශයෙහි මේ වන විට ඉතාමත් සාමකාමී තත්ත්වයක් ඇති වී තිබෙන නිසා අතිරේකව යොදවා සිටින පොලිස් නිලධාරීන් ඉදිරි දිනවලදී ක්‍රම ක්‍රමයෙන් ඉවත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මීට අමතරව පොලීසියේ සහායට යොදවා සිටි නාවික හමුදා සහා ගුවන් හමුදා භට පිරිස් ඉවත් කිරීමට කටයුතු කර තිබෙන බවද පවසා සිටියේය.

ගුවන් හමුදා සහා නාවික හමුදා බට පිරිස් ඉවත් කළත් ඒ වෙනුවට යුද හමුදාව යෙදවීමට කටයුතු කළ බවද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිග්‍රේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේය.

මහනුවර ප්‍ර‘දේශයේ ආරක්ෂාව සඳහා නාවික හමුදා සාමාජිකයන් 600ක්, ගුවන් හමුදා සාමාජිකයන් 60ක් හා යුද හමුදා සාමාජිකයන් 2500ක් යොදවා සිටි බවත් නාවික හා ගුවන් හමුදා සාමාජිකයන් 660 දෙනා ඉවත් කිරීමට සාපේක්ෂව යුද හමුදා සාමාජිකයන් 660ක් අනුයුක්ත කර තිබෙන බවද පවසා සිටියේය.

ප්‍රදේශය තුළ සාමකාමී තත්ත්වයක් ඇතිවී තිබෙන නිසා ඔවුන් පොලිස් රාජකාරී කටයුතුවලට සහාය දීමට හා වෙනත් අවශ්‍යතාවන් සඳහා යොදවා සිටින බවද සඳහන් කළේය.

Related posts

කූඩුවේ ඉදන් රන්ජන් කථා කරන බඩු මාට්ටු

colombotoday

අස්වැසුම අභියාචනා සලකා බැලීම අවසන්

Admin

ඩඩ්ලිගේ රාජ්‍යයට රජයෙන් පනී

Admin

පොලිස් ලොක්කාට එරෙහිව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මහපාරේ බුදියයි.. ගමනාගමනයට දැඩි බාධා – Video

colombotoday

අක්කරපත්තුවේ මෙහෙයුමකින් උණ්ඩ හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී

colombotoday

මියන්මාර මුස්ලිම් ජාතිකයන් 32ක් රැගෙන ලංකාවට හොරෙන් ආ බෝට්ටුවක් අල්ලයි

colombotoday