මහනුවර ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය අරඹයා හමුදාපතිවරයා සහ ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල බෞද්ධ ජනතාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශ දෙකක් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමියන් විසින් දැඩි විවේචනයට ලක් කළේය.
භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධ ජනතාවට නින්දා අපහාස කළ මෙවැනි යුගයක් මින් පෙර නොතිබූ බව සදහන් කළ උන්වහන්සේ, ආණ්ඩුවේ මෝඩ ඇමතිවරුන්ගේ කටවල් වහන්නැයි මින් පෙර ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවක මූණටම කියාය සිටි බවද කියා සිටියේය.