Colombo Today Local News

පාසල්වල වැඩ කාර්යක්ෂම කරන්න අලුත් තනතුරක්

ළමයින් සහ කාර්යමණ්ඩලය වැඩිපිරිසක් සිටින ජාතික පාසල් සඳහා පාසල් කළමනාකාරවරයෙකු පත්කිරීමට යෝජනාවක් අධ්‍යාපන අමාත්‍යවරයාට ඉදිරිපත්වී තිබේ.

ජාතික පාසල් පරිපාලන කටයුතුවල පවතින අධික තදබදයට පිළියමක් ලෙස මෙලෙස කළමනාකාරවරයකු පත්කරන ලෙසත්, එවිට පාසලේ විදුහල්පතිවරයාගේ වගකීම් ලිහිල් කිරීමක් සිදුකළ හැකි බවත් අධ්‍යාපනඥයන් සහ විදුහපතිවරුන් විසින් මෙලෙස අධ්‍යාපන අමාත්‍යවරයාට යෝජනාකර ඇත.

ඒ අනුව විශ්වවිද්‍යාල තුළ පවතින ලේඛකාධිකාරී තනතුරට සමාන තනතුරක් හෝ පරිපාලන නිලධාරී ලෙස මෙම තනතුර පත්කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් තිබේ.

ජාතික පාසල් තුළ විදුහල්පතිවරුන්ට රාජකාරි බහුලවී ඇති බවත්, ළමයින් සහ කාර්යමණ්ඩලය වැඩිවනවිට එම කටයුතු තවත් කාර්යබහුල වන බැවින් විදුහල්පතිවරුන් පීඩාවට පත්වන බවත් අධ්‍යාපනඥයන් විසින් පෙන්වා දී ඇත.

ඒ අනුව ළමයින් සහ කාර්යමණ්ඩලයේ පරිපාලන කටයුතු,  ළමයින් ඇතුළත් කරගැනීමේ කටයුතු, පාසලේ උත්සව සංවිධානයකිරීමේ කටයුතු ආදී වගකීම් මෙම පරිපාලන නිලධාරියාට පැවරීමට ඇති හැකියාව පිළිබඳවද සොයාබලන බව මේපිළිබඳ විමසීමේදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

Related posts

මඩකලපුව කලුවන්චිකුඩි පොලිසිය වසා දමයි

colombotoday

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු වලට විසඳුම් සොයන්න ෂෙහාන් – රමේෂ් විශේෂ සාකච්ඡාවක්

Admin

CID අධ්‍යක්ෂට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක්.

colombotoday

රන්වලට ආචාර්ය උපාධිය දුන්නේ අපියි-ගොවිජන බලමුළුව

Admin

“2020 ජනපතිවරණයට එනේනේ ගෝඨාභයනම් ඉන්දියානු ජනතාවත් ඔහුට සහය දිය යුතුයි” – ඉන්දීය හිටපු අමාත්‍ය සුබ්‍රමනියම් ස්වාමි

colombotoday

අභාවප්‍රාප්ත වූ පර්සි අබේසේකරට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගෞරව

Admin