Colombo Today Local News

“නීතිය හා සාමය ෆොන්සේකාට දී 2020 දක්වාම යහපාලනය කරන්න ශ්‍රීලනිපය එකගයි” – දුමින්ද දිසානායක

දැනට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ භාරයේ ඇති නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට දිම කෙරෙහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විරෝධතාවක් පැන නැගී ඇති බවට ඇතැම් මාධ්‍ය මගින් ප්‍රකාශ වුවද එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික මතයක් මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු මතය නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කියයි.

නීතිය හා සාමය අමාත්‍යංශය එක්සත් ජාතික පක්ෂය සතුව ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ තීරණයක් මත ජනධිපතිවරයාගේ එකඟත්වයෙන් එය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට ලබා දීමේ කිසිදු ගැටළුවක් පැන නොනඟින බව කී දිසානායක මහතා වසර 2020 දක්වා වත්මන් යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක වන බව ද පැවසීය.

Related posts

පොලිස් නිලධාරියෙකුට අධිකරණයේදී පහරදුන් සැකකරුවෙක් රිමාන්ඩ්

Admin

රාජ්‍ය ආයතනවලට නිලධාරීන් පත් කිරීම සදහා වූ සිව් පුද්ගල කමිටුව නම් කරයි !

colombotoday

පැණී බීමට වඩා බියර් එකක් බොන එක ගුණයි – මංගල

colombotoday

තේ වේල ප්‍රමාද කර පාර්ලිමේන්තුවේ පාන් දීලා කාර්යමණ්ඩලය නොසතුටින්

colombotoday

සජබය පූර්ණ ප්‍රතිසංවිධානයකට සූදානම්

Admin

වැල්ලවත්තේදී බීමත් රියැදුරෙක් සිව් දෙනෙක් යට කර පළායයි – අයෙක් මරුට

colombotoday