Colombo Today Local News

නැති ලෙඩක් පෙන්වා අර්ජුන් ඇලෝෂියස්ට රෝහල් සැප දීමේ සැලසුමක්..

රක්ෂිත බන්ධනාගාරගතව සිටින අර්ජුන් ඇලෝෂියස්ට කිසිදු රෝගී තත්ත්වයක් නොතිබෙන බවට බන්ධනාගාරයේ විශේෂඥ වෛද්‍යවරයා නිගමනය කර තිබියදීත් ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමට සැලසුම් සහගත කුමන්ත්‍රණයක් බන්ධනාගාර වෛද්‍යවරුන් කීපදෙනකු අතරේ ක්‍රියාත්මක වෙමින් තිබෙන බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

රෝගී තත්ත්වයක් ඇති බවට සඳහන් කර අර්ජුන් ඇලෝෂියස් මීට පෙර බන්ධනාගාර රෝහලට ඇතුළු කර තිබූ නමුත් ඔහු රෝහල් ගත කර ඇත්තේ නීති විරෝධී ආකාරයට බැවින් ස්ථාන භාර වෛද්‍යවරයා ඔහු නැවත වරක් සිරමැදිරියට යවා ඇත. ඉන්පසුව වෙනත් වෛද්‍යවරයෙක් සිර මැදිරියට ගොස් අර්ජුන් ඇලෝෂියස්ට සේලයින් දී ඔහු රෝහල් ගත කිරීම සඳහා ගිලන් රියක් පවා ගෙන්වා ඇතත් එවරද ස්ථාන භාර වෛද්‍යවරයා ඔහු රෝහල්ගත කිරීමට අනුමැතිය දී නැත. ඊට හේතු වන්නේ ඔහු මනා සෞඛ්‍ය තත්ත්වයේ සිටින බව විශේෂඥ වෛද්‍යවරයා නිර්දේශ කර තිබිමය. මේ අතරේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයකු යනුවෙන් තමන් හඳුන්වා දී ඇති නිලධාරියකු අර්ජුන් ඇලෝෂියස් ජාතික රෝහලට මාරු කරන ලෙස දන්වා ඇතත් ස්ථාන භාර වෛද්‍යවරයා ඊටද එකඟතාව පළකර නැත.

කෙසේ නමුත් අර්ජුන් ඇලෝෂියස්ට නැති රෝග පෙන්වා ඔහු නැවත වරක් කොළඹ ජාතික රෝහල වෙත යැවීමේ කුමන්ත්‍රණයක් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවද බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.

ලක්බිම

Related posts

ෆොන්සේකා පරාජිතයෙක්… එජාපයට ගන්නවාට මං විරුද්ධයි – ඇමති හරීන්

colombotoday

අලුත් නැවේ ලිට්‍රෝ ගෑස් මෙට්‍රික්ටොන් 3700 ගොඩබෑම අත්හිටුයි

colombotoday

තැපැල් ඡන්ද විමසීම සාමකාමී – මැතිවරණ කොමිසම

colombotoday

සිරගෙට යනවිට සිවුරු ගලවා දැමිය යුතුයි – තලතා යලිත් පුප්පයි

colombotoday

දකුණ ගංවතුරේ ගිලෙද්දී උතුරේ විරෝධතා.. ඒ 9 පාරත් වැසෙයි (Photo)

colombotoday

ගමට එන්නෙත් “යහපාලන” හවුල් ආණ්ඩු !

colombotoday