Colombo Today Local News

”ෆොන්සේකාට නීතිය දුන්නොත් වෙන්නේ මේකයි”- සුසිල්

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය ඇමැති ධුරය ලබා දුනහොත් ඊට පසුවදාම ආණ්ඩුවේ ශ්‍රීලනිප ඇමැති කණ්ඩායම විරුද්ධ පක්ෂයේ වාඩි වේවි යැයි ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

නීතිය හා සාමය අමාත්‍යධූරය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා දීම සඳහා පවතින යෝජනා සම්බන්ධයෙන් කළ විමසීමේදී ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙලෙස සඳහන් කර ඇත .

”සති දෙකකට ඇමැතිකම් දෙනවද කියලා අපෙන් බොහෝ දෙනා ප්‍රශ්න කරනවා. තවත් සමහරුන්ට මේවා ගැන අවබෝධයක් නැහැ. කටට එන ඒවා කියලා දානවා. ආණ්ඩුව වැරදි තීන්දු ගත්තොත් සිදුවෙන්නේ ජනතාව පාරට බහින එක ”

මේ අතර ශ්‍රීලනිප ඇමැතිවරු කිහිප දෙනෙක්ම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යධුරය ලබාදීමට යෝජනා වීම ගැන ප්‍රසාදයක් නැති බව සඳහන් කළා.

ඒ අනුව ශ්‍රීලනිප ඇමැතිවරුන් නොබෝ දිනකින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී මේ බව දැනුම් දීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

Related posts

ජනතාවට රිලව් එක්ක මාස 6ක් ඉන්න බැරිකමක් නෑ

Admin

“ප්‍රහාරය එල්ල කළේ මුස්ලිම් ජාතිකයන් නෙවෙයි” – ෆයිසර් මුස්තාපා

colombotoday

අනුර කුමාර ස්වීඩනයට

Admin

කිරිබත්ගොඩ හොර කච්චේරියක් වටලයි

colombotoday

කැෆේ කීර්තිටත් ආණ්ඩුකාරකමක්… ජනපති අද පත්කළ ආණ්ඩුකාරවරු මෙන්න…

colombotoday

CID ය ඉදිරිපිට පොල් ගැසූ සංජය මහවත්ත යළි රිමාන්ඩ්

Admin