Colombo Today Local News

ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තර යුධ අධිකරණයක්.. උතුරේ යෝජනාව සම්මතයි..

යුධ සමයේ උතුරු පළාතේ සිදුවු මානව හිමිකම් කඩවීම වෙනුවෙන් ජාත්‍යන්තර අධිකරණයක් පිහිටුවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සලයෙන් ඉල්ලීම් කිරීමට උතුරු පළාත් සභාව  (27) යෝජනාවක් සම්මත කරගනු ලැබීය.

උතුරු පළාත් සභා 117 වන සභා වාරය යාපනය කයිතඩි පළාත් සභා සංකීර්ණයේදී පැවැත්වු අවස්ථාවේදී අදාළ යෝජනාව සම්මත කර ගැණින.

උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා විසින් අදාළ යෝජනාව පළාත් සාභාව වෙත ඉදිරිපත් කළ අතර, පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ගේ වැඩි කැමැත්ත මත යෝජනාව සම්මත කර ගනු ලැබිණ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ මෙවර සභා වාරය ආරම්භ වි ඇති බැවින් ඒ සඳහා අදාළ යෝජනාව යොමු කිරීමට නියමිත බව පළාත් සභා මන්ත්‍රීවරුන්ද පලාත් සභා වාරයේදී පැවසූහ.

Related posts

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

කන්දකාඩුවෙන් රැඳවියන් පහක් පැන යයි

Admin

ඔසුසල්වල ඖෂධ හිඟයක්.. ඩොලර් නොදුන්නොත් බෙහෙත් ගෙන්වීමත් නවතී.

colombotoday

කොරෝනා ආසාදිත සිරුරු බැහැර කිරීමේ තාක්ෂණික කමිටුවේ සභාපතිට අලි සබ්‍රිගෙන් තර්ජන.

colombotoday

‘මැතිවරණ ක්‍රමයේ ගැටලු නිරාකරණය කර මැතිවරණය පවත්වනවා’

Admin

ඉන්ධන අවසන් කියූ පසු හමුදා සෙබළාගේ අත කපලා

colombotoday