ජූලි මස 24 වන දින කොළඹ මහාධිකරණයේ පෙනී සිටින්නැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට සිතාසි නිකුත්කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව අධිකරණය හමුවේ විභාගවන නඩුවකට අදාලව මෙම නියෝගය නිකුත් කර තිබේ.
එම නඩුවට අදාලව අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි මිට ඉහතදී සිතාසි නිකුත්කර තිබුණත් රාජකාරිමය හේතූන් නිසා ඔවුන්ට අධිකරණය හමුවේ පෙනී සිටිය නොහැකි බවට දන්වා ඇත.