ArticlesColombo Today Local News

“දේශීයත්වය අමතක කරල, පිටරටවල් පස්සෙ යනවා” – ඉන්දීය මහාචාර්යවරයෙක් අපි ගැන කියන කතාව මෙන්න

ශ්‍රී ලංකාව කුඩා වුවාට සෑම අතින්ම පෝෂණය වු රටක්. ස්වාභාවිකව නිිිර්මාණ වු දිය ඇලි මල්වතු ගංගා ඇළ දොළ අපුරු සුන්දරත්වයක් දක්වනවා. එ්ත් කියන්න කනගාටුයි. ලංකාවේ අය බටහිර සංස්කෘතිය බැඳ ගෙන දේශීයත්වයට මුල් තැනක් ලබා දී නැහැ. මේවා අපි දකින දුර්වලකම් බව ඉන්දියාවේ සිට දින 7 ක සංචාරයක නිරත වන ගුජරාට් ප්‍රාන්තයේ ටාලානි ට්‍රොක්නික් විශ්වවිද්‍යාලයේ නව නිපැයුම් අංශය බාර මහාචාර්ය රාමේෂ් මහේස්වරි මහතා කතරගම දී පැවසීය.

ගුජරාට් ප්‍රාන්තයේ බෞද්ධ ආගම අදහන ඉන්දිය ජාතික පිරිසක් හා පැමිණි මහාචාර්ය රාමේෂ් මහේස්වරි මහතා කතරගම දේවාලය වැඳ පුදා ගෙන අනතුරුව කතරගම පුදබිමේ දී ලංකාවේ අත් විඳි තොරතුරු මාධ්‍යයට කියා පාමින් පැවසුවේ ඇත්තටම මේ රට ඉතාම සම්පත් බහුලව තිබෙනවා කුඩා ජන පිරිසක් තමයි ඉන්නේ අපි කනගාටු වෙනවා ලංකාවේ සංචාරක අමාත්‍යංශය ගැන. අපි අපේ රටට එන සංචාරකයන්ට පිළිගන්වන්නේ ඉන්දිය ආහාර පාන. අපි දේශීයත්වයට මුල් තැන දෙනවා. ආහාර පාන ලෙඩ රෝගවලින් තෙරව ජනයාට සුදුසු ලෙස ආපනශාලාවල පිසිනවා. ඒවා අ‍ලෙවි කරනවා. ඉන්දියාවට එන අය ඒවා රස කර කනවා.

නමුත් අපි දැක්ක දෙයක් තමයි මේ රටේ ආහාර පාන ඉතාම අඩුවෙන් තමයි කඩවල නිෂ්පාදනය කර අලේවි කරන්නේ. චීන කෑම. කෘත්‍රිම ආහාර පාන බිම වර්ග රැසක් අපි දැක්කා. කඩයකට ගියහාම ඒ අය චයිනිස් කෑම දෙන්න හදනවා. අපේ රටේ නම් ඉටිලි වඬේ තෝසේ. පුරි. වැනි ඉන්දිය ආහාර විදේශිිකයන් වෙත ලබා දෙනවා . මෙයට අමතරව බටහිර ආහාර පාන වන පාන්. සොස්ජස් පාන්. බනිස්.කේක් වැනි දියවැඩියාව වැනි රෝගවලට මුල පුරන ආහාර වැඩි වශයෙන් ලාංකීය ආහාර අතර පවතිනවා.

මේක රටකට හොඳ දෙයක් නොවෙයි. ලංකාවේ අපි දැක්කා මයියොක්කා. ඉරුඟු. හා සහල් මුං ඇට . කව්පි. වැනි ධාන්‍ය වර්ග හොඳින් ලංකාවේ පවතිනවා. එ්වා අඹරලා පිටි බවට පත් කරලා හොඳ ආහාර පාන හදන්න පුළුවන්. එ්වා ලංකාවේ රජයෙන් ජනයාට මේවා හුරු කළ යුතුයි. ඉන්දියාව දේශීය දේවල්වලට මුල් තැන දෙනවා ලංකාවේ විදේශීිිය දේවල්වලට මුල් තැන දෙනවා. බටහිර ක්‍රමවලින් යටපත් වෙලා රටවල් නඟා සිටු වන්න බැහැ. ඒක නිසා මේ තරම් ස්වාභවික දේවල් පවතින ලංකාව පිළිබඳ මේ රටේ රජය සොයා බැලීම වැදගත්.

Related posts

සිදුවිය හැකි ජෛව අවි ප්‍රහාර වළක්වා ගැනීමට සැලසුම් රැසක්

colombotoday

නව මතවාදයක් සමග අළුත් පක්ෂයක් හදමු… ශ්‍රීලනිප පුංචි මන්ත්‍රීන් මහින්ද හමුවී ඉල්ලති

colombotoday

වවුනියාව කොක්එලිය ගම්මානයේ සිංහලයන් පන්නා දමයි – උතුරෙන් පිටවෙන්නැයි හිටපු මහ කොටියෙකුගෙන් තර්ජණ !

colombotoday

ලොකු ලූනු මුවාවෙන් ගෙන්වූ කහ

colombotoday

අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධයෙන් පවතින ගැටලු දැනුම් දීමට දුරකතන අංකයක්

colombotoday

බණ්ඩාරවෙල තොග පොළ වසා දමයි.

colombotoday