Colombo Today Local News

අපට පොරොන්දු ඉටු කරන්න බැරිවුණා.. ජනතාව අපේ වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කළා – අගමැති

ආණ්ඩුව ගෙන ගිය වැඩපිලිවෙල කෙරෙහි ජනතා ප්‍රසාදයක් නොමැති බවට පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලින් නිරූපනය වූ බව  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අරලියගහ මන්දිරයේ අද(23) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදි පැවැත්වුනේ එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද එක්ව සිටියේය.
පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ගෙන ගිය වැඩසටහන ගැන ජනතාව වගකිමක් නොදැක්වු බව ද වැටහුණු බවත් මෙවර මැතිවරණයේ ප්‍රතිඵල තමන් පිළිගත් බවත් අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය. ආණ්ඩුවක් ලෙස ජනතාවගේ බලාපොරොත්තු සම්පූර්ණයෙන් ඉටු කරන්න බැරි වුණා කියලා පිළිගන්නා බව ද අගමැතිවරයා මෙහිදී කියා සිටියේය.

Related posts

පාඩු ලබන රාජ්‍ය ආයතනවලින් CEYPETCO අංක එකට – මාස 4ක් තුළ බිලියන 628ක පාඩුවක්

colombotoday

fitch රේටින්ග්ස් ගෝලීය මූල්‍ය දර්ශකයේ ලංකාව පහළටම ඇද වැටෙයි!

colombotoday

හිටපු ජනපති නුදුරු දිනකදී ලංකාවට

colombotoday

ආයෝජන මණ්ඩලය හරහා ලබා දෙන බදු සහන අදින් නිමයි

colombotoday

රැදවියෙක් මලපහ කරද්දී එළියට ආව දේ

colombotoday

දමිතා අධිකරණයට රැගෙන එයි

Admin