Colombo Today Local News

නාවික කදවුර ඉදිරිපිට පඹයෙක් පුච්චා සිවාජිලිංගම් යකා නටයි.. රජයේ වාහනයකටත් පහර දෙයි

මුලතිව් වට්ටුවක්කාල් ප්‍රදේශයේ ඉඩම් නාවික කදවුර ඇතුළු අක්කර 600කට අධික ප්‍රමාණයක් මුල් පදිංචිකරුවන්ට ලබා දෙන ලෙස ඉල්ලමින් ඊයේ 22 උද්ඝෝණයක් සංවිධානය කර තිබුණු අතර එයට සහභාගී වූවන් එහිදී කලහකාරී ලෙස හැසිරීමට උත්සාහගෙන ඇති අතර, මිනින්දෝරු දෙපාර්තමේන්තුවට අයත් වාහනයකට පහර දී ඇත.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් පිරිසක් හා පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලංගම්ද මෙම උද්ඝෝෂණයට සහභාගී වූ අතර එහිදී ඔහු ඇතුලු පිරිසක් පොලීසියට හා නාවික හමුදාවට විරෝධය පාමින් මුලතිව් පුදුකුඩිඉරිපුපු ප්‍රධාන මාර්ගය වැටී ඇති වට්ටුවාක්කල් පාලම මත හිඳ ගනිමින් මාර්ගයේ වාහන ගමනා ගමනය නැවතූ අතර පසුව සිවාජිලිංගම් මන්ත්‍රීවරයා ඇතුලු පිරිසක් විසින් පඹයෙකු නාවික හමුදා කඳවුරු පිවිසුම් දොරටුවට සමීපයට රැගෙන ගොස් ගිනි තබනු ලැබ තිබෙනවා.

අනතුරුව එම ස්ථානයට පැමිණි මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉඩම් අංශ නිලධාරීන් සමග උණුසුම් වචන හුවමාරුවක් පැවති අතර එහිදී උද්ගෝෂකයන් විසින් නිලධාරීන් පැමිණි වාහනයටද පහරදී අලාභහානි සිදුකර තිබෙනවා.

Related posts

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ හෙට දිවයිනට

colombotoday

ලංකාව ආසන්නයේ විශාල භූමි කම්පාවක් සිදුවීමේ අවදානමක් – සිදුවන භූ කම්පන දත්ත ලබා ගන්න උපකරණ පද්ධතියක් නෑ

colombotoday

සමාජ මාධ්‍ය පාලනයට පනතක් !!

colombotoday

සේවකයන් දහසකගේ සේවය අත්හිටුවයි… උතුරේ පුරාවිද්‍යස්ථාන සංරක්ෂණය ඇණහිටී…

colombotoday

ඛනිජ තෙල් පිරිපහදුව අමෙරිකානු සමාගමකට

Admin

මර්වින් සුද්ද සිංහලෙන් අමතයි.. පුරුෂ ලිංගය නැති ආණ්ඩුවේ ඇමතිලා ගැනත් කියයි (Video)

colombotoday