Colombo Today Local News

රනිල් එලවන්නැයි මන්ත්‍රී හමුවේදී රංගේ කියයි.. කබීර් හෂිම් මාසයක් කල් ඉල්ලයි..

එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යෑමට නම් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් මෙන්ම අගමැති ධුරයෙන්ද වහා ඉවත්විය යුතු බවත් පක්ෂයේ සියලු තනතුරු සඳහා අලුතෙන් පුද්ගලයන් පත් කළ යුතු බවටත් නියෝජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා අවධාරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් නොවන්නේ නම් සියලුම ආසන සංවිධායකයන් එක්ව දැවැන්ත විරෝධතාවක් අරඹන බවද ඊයේ (18දා) දහවල් සිරිකොත එජාප මූලස්ථානයේදී එජාප මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එජාප මන්ත්‍රි හමුවකදී ඔහු ප්‍රකාශ කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රජය හෝ පක්ෂය තවදුරටත් ඉදිරියට ගෙන යෑම සිහිනයක් පමණක් බවත් 2001 පිහිටුවූ එජාප රජයට මෙම ඉරණම අත්වූයේද ඔහුගේ දුර්වලතාව නිසා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී පෙන්වා දී තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති එජාප මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා එජාප නායකයා වශයෙන් මෙන්ම අග්‍රාමාත්‍යවරයා ලෙස රටටත් පක්ෂයටත් ජනතාවටත් මහඟු මෙහෙවරක් ඉටු කර ඇති බවත් එවන් නායකයකු හිටිහැටියේ එක්වරම ඉවත් කිරීම සදාචාරාත්මක වශයෙන් සුදුසු නොවන බැවින් ඔහුට ගෞරවාන්විත සමුදීමක් සඳහා අවම වශයෙන් මාසයක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.

Related posts

බලපිටිය මූලික රෝහලේ රසායනික ද්‍රව්‍ය ගබඩා ඒකකයේ ගින්නක්

Admin

ශ්‍රීපාද අඩවියේ හෝටලය හදන්න අවසර ඉල්ලු පුද්ගලයා කියන කතාව

colombotoday

“මෙහෙ ඉඳන් වැහි වස්සවලා මුලු ඇමරිකාවම ගංවතුරෙන් යට කරලා දානවා” – ජනාධිපති අපේක්‍ෂක රාවණ පරපුරේ අනෝජ් සිල්වා

colombotoday

සිංහලයිනි නෙවෙයි “ලාංකිකයිනි නැගිටිව්!“.. ධර්මපාලතුමාගේ හඩ, UNP වේදිකාවේ ජනපති REMIX කරයි !

colombotoday

අධි බලැති පුපුරන ද්‍රව්‍යක් වන රතු රසදිය සිලින්ඩර තුනක් සමග සැකකරුවකු අත්අඩංගුවට

colombotoday

ඇමති මංගලට විරෝධය පා මාතර මහනගර සභාවේ ‌පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු විරෝධතාවක

colombotoday