Colombo Today Local News

නීතිය හා සාමය සරත් ෆොන්සේකාට !!

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය ජෙනරල් සරත් ෆොන්සේකාට දිය යුතු යැයි පුරවැසි බලය සංවිධානය කියයි.

ඔහු මාස හයක් යද්දී හොරු අල්ලා දෙනු ඇති බවත් මේ හොරු ඇල්ලීම වෙල්ලමුල්ලිවයික්කාල් සටන වැනි එකක්  බවත් එම සංවිධානය මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පුරවැසි බලය සම කැඳවුම් කරු දඹර අමිල හිමියෝ පැවැසූහ.

බය නැතිකම කාර්යක්ෂමතාවය ඇති ඔහු හොරු අල්ලනු ඇති බවත්  පොලිසිය හමුදාව ඒ සඳහා සීරුවෙන් තැබිය යුතු බවත් උන් වහන්සේ කීහ.

‘‘ මේ සියලූ කටයුතු වලින් ජාතික සාමය ස්ථාපිත කළ යුතුයැයි ද එසේ නොවුනහොත් ආයෝජකයින් පැමිණීම නැතිවී රට අස්ථාවර වේ යැයි ද අමිල හිමියෝ තව දුරටත් පැවැසූහ.

හොරු අල්ලන්න යද්දි මිනිමරුවන්ට රණවිරුවන් කියල අත අරින්න බැහැ. භික්ෂුවක් කියල හොරුන්ට සමාව දෙන්නත් එපා. නීති විරෝධී වැඩ කළ අය අතඅරින්න එපා. යුද්ධය ඉවරයි. යුද්ධ කරද්දි රණවිරුවෝ වුණත් යුද්ධය අවසන් වී මිනි මරන අය රණවිරුවො නොවෙයි. එක පෙළට තියා ද්‍රෝහින්ට දඩුවම් දිය යුතුයි. ඉතිහාසයේ මොන කැපකිරීම් කරල තිබුණත් ඒක වැදගත් නැහැ. ‘‘ යයිද දඹර අමිල හිමියෝ පැවැසූහ.

Related posts

මහල් හයක ගොඩනැගිල්ලක ගින්නකට හසු වී 43 දෙනෙකු ජීවිතක්ෂයට

Admin

කෝටි ගණනක අතයට ගේමක් හෙළිකරාට මංගලගේ කා.ම. ප්‍රධානියා කිපෙයි.. මාධ්‍ය වේදීන්ට තිත්ත කතාවෙන් බැණ මරණ තර්ජන කරයි

colombotoday

ගම්මන්පිලගෙන් ජනපතිට තීරණාත්මක ලිපියක්.

colombotoday

වෙනසක් ඕන බව පේනවා – ජනපති කියයි

colombotoday

නිවසේ ළිඳට වැටී දැරියක් මරුට

Admin

කොළඹ ඉඩම සිංගප්පූරුවට විකිණුවේ නෑ… බදු දුන්නා පමණයි !

colombotoday