හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත්, ඇමරිකානු ග්‍රීන් කාඩ් පුරවැසිභාවය අහෝසිකරගැනීම සදහා ලියකියවිලි භාරදී ඇති බවත් වාර්තා පලවනවා.
කෙසේ වෙතත් මේ පිළිබදව ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් පලකර නැතත් විකිපීඩියා වෙබ් අඩවියේ දැක්වෙන්නේ රාජපක්ෂ මහතා සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගැනීමට ඉල්ලුම් කර ඇති බවයි.
19 වන සංශෝධනය යටතේ ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකුට මෙරට කිසිදු මැතිවරණයකට තරග කිරීමට හැකියාව නැත.
කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසිභාවය අහෝසිකරගැනීමට ලියකියවිළි භාරදී ඇතැයි දැක්වූ සටහන විකිපීඩියා වෙබ් අඩවිය මේ වන විට ඉවත්කර ඇත.
විකිපීඩියා වෙබ් අඩවිය මුලින් දැක්වුනු ආකාරය හා පසුව දැක්වෙන ආකාරය පහතිත් දැක්වෙයි.