Colombo Today Local News

“අගමැති කරූ” ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රචාරක මෙහෙයුමක

එක්සත් ජාතික පක්ෂය පිහිටුවන නව රජයේ අග්‍රාමාත්‍ය ධුරය සදහා කතා නායක කරූ ජයසුරිය පත් කිරීමට තීරණය කර ඇති බවට අසත්‍ය ප්‍රචාර දියත් කෙරෙමින් පවතින බව වාර්තා වෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සතු වෙබ් අඩවි යොදාගෙන මෙම ප්‍රචාරක මෙහෙයුම අරඹා තිබූ අතර දැන් ඔවුන්ට හිතවත් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතනද යොදාගනිම්න් අසත්‍ය ප්‍රචාරය කරමින් සිටින බව සිරිකොත ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියා.

ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් ශිරාල් ලක්තිලක එජාප නායකත්වය සමග දැඩි වෛරයකින් පසුවෙන බවත් එම හේතුව මත එජාපය දෙකඩ කිරීමට ඔහු මෙවැනි කටයුතු සිදු කරන බවටත් චෝදනා එල්ල වී ඇත.

ඔහුගේ මෙම පුද්ගලික වෛරය පිරිමසා ගැනීමට යාම හේතුවෙන් ජනාධිපතිවරයාට බොරු ලනු ලබාදී සම්මුතිවාදී ආණ්ඩුව විනාශ කර බවත් එජාපය විනාශ කිරීමට ගොස් ජනාධිපතිවරයාගේ දේශපාලන අනාගතය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද විනාශ කල බවට චෝදනා එල්ල විය.

janahada.com

Related posts

එජාපයට කැමති වාර්තාවක් හදාගන්න ඉඩදී හදුන්නෙත්ති COPE සභාපතිකමෙන් ඉවත්වෙයි

colombotoday

පොල් ගෙඩියෙන් කොමිස් යන්නේ කාටද?

Admin

ෆයිසර් ඒන්නත් මාත්‍රා 76,000ක් දිවයිනට

colombotoday

දෙවසරක් ඇතුළත 66 ලක්ෂයක් අන්තර්ජාලයට

colombotoday

ත්‍රස්ත සැකකරුවන් නිදහස් කරන්න සතියයි දෙන්නේ – දෙමළ සන්ධානය රජයට කියයි

colombotoday

ආරුගම්බේ සිද්ධියෙන් සංචාරක කර්මාන්තයට බලපෑමක් නෑ

Admin