Colombo Today Local News

බදුර්දීන්ගේ රුව සහ පක්ෂ ලකුණ යෙදු ගිණි පෙට්ටි බෙදු අය අත්අඩංගුවට

කින්නියා පොලිස් වසමට අයත් මධ්‍ය මහා විද්‍යාලය හා අබ්දුල් මජිඩ් විද්‍යාලය යන ජන්ද මධ්‍යස්ථාන ආසන්නයේ සැක කටයුතු ලෙස ගැවසුනු තිදෙනෙකු අද (10) පෙරවරුවේ අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මේ අතර අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ රුව සහ ඔහුගේ පක්ෂයේ ජන්ද ලකුණ මුද්‍රණය කල ගිණි පෙට්ටි බෙදු රජයේ සේවකයෙකු ගිණිපෙට්ටි 12ක් සමග කින්නියා නගරයේදි අත්අඩංගුවට ගත්බවද පොලිසිය කියයි.

නීති විරෝධි ලෙස මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ජන්ද සලකුණු ප්‍රදර්ශනය කල දෙදෙනෙකු ඊයේ (09) කින්නියා නගරයේදි අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිද්ධින් සම්බන්ධයෙන් කින්නියා පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්.එම්. පි.බි.විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක වේ

 

Related posts

සහල් ඉන්දියාවෙන් ගෙන්වන්න ඉල්ලීමක්

Admin

ජනපති සංචාරයකට දිවයිනෙන් පිටව යයි

Admin

ජනපති මෛත්‍රී හිතමිතුරු ඔබාමා යුවල සමග සුහද සාදයේ !

colombotoday

විදුලි පනතට බියෙන් ලංවිම සභාපති රට පැනලා – ඇමැති කාංචනට යකා නගී

Admin

කොටියෙකු අල්ලා මස් කර විකිණූ තිදෙනෙකුට වැඩ වරදියි

colombotoday

ඩයරි-කැලැන්ඩර් එපා… සියළු අනවශ්‍ය වියදම් කපා හරින්න – රාජ්‍ය ආයතනවලට රජය දන්වයි

colombotoday