Colombo Today Local News

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය අසල අදත් කොටි විරෝධතාවක්

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා එම තනතුරෙන් ඉවත් කරන ලෙස බලකරමින් එල්.ටී.ටී.ඊ හිතවාදීන් අද (09දා) මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇතැයි වාර්තා වේ.

දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයන් මෙම විරෝධතාවට නායකත්වය සපයන බවටද තොරතුරු ලැබී ඇතැයි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ගයන් සඳහන් කරයි.

මෙම විරෝධතාව අද දින පැවැත්වුවහොත් ඊට මුහුණ දීමට එරට ආරක්ෂක අංශ සූදානම්ව ඇතැයිද එම ආරංචි මාර්ගයන් පවසයි.
නිදහස් දින (04දා) බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටට රැස්වූ එල්.ටී.ටී.ඊ අන්තවාදීන් කළ විරෝධතාවකට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ප්‍රතිචාරයක් දැක්වීම සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවිවල පළවූ වීඩියෝවක් පෙරදැරි කරගනිමින් විදේශ කටයුතු අමාත්‍යාංශය ඔහු දැරූ ආරක්ෂක උපදේශක තනතුරින් ඉවත් කිරීමට ඉකුත්දා (06දා) කටයුතු කර තිබිණි.

නමුත් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ එම තහනම පෙරේදා (07දා) අත්හිටුවීමට කටයුතු කළේය.

ජනාධිපතිවරයාගේ එම තීරණයත් සමඟ කුපිත වූ බ්‍රිතාන්‍යයේ සිටින එල්.ටී.ටී.ඊ. හිතවාදීන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා හොබවන බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක තනතුරෙන් ඉවත් කරන ලෙසට ඉල්ලමින් මෙලෙස විරෝධය පෑමට සූදානමින් සිටින බවද මහ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ගයන් වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

යතුරු පැදියෙන් ඇවිත්, පාරේ ගිය පාසැල් දැරියකට එන්නතක් විද පලා ගිහින් (Video)

colombotoday

පාකිස්ථානු JF 17 වෙනුවට ඉන්දියාවේ “තේජස්“ට ලංකාවේ හිත ගිහින් – ඉන්දීය මාධ්‍ය කියයි

colombotoday

ජනපතිගේ අලුත් අවුරුදු පණිවුඩය

colombotoday

බදු වැඩිවීමෙන් තෙල් සංස්ථාව අර්බුදයක.. වසරක පාඩුව කෝටි 3000යි !

colombotoday

සාටකයක් නැතිව මැතිවරණ දිනනු බෑ.. සාටකයක් යටතේ මැතිවරණයට යන්න ශ්‍රීලනිපයේ 98%ක් කැමතියි

colombotoday

ප්‍රහාරයක් එල්ල කිරීමට සුදානම් බවට ලැබුණු පැමිණිල්ලක් මත අයෙක් අත්අඩංගුවට

colombotoday