Colombo Today Local News

බෙල්ලන්විල නාහිමියන් අපවත්වූයේ හෘදයාබාධයකින්.. ඇතෙකු පහරදුන් කතාව වැරදියි…

බෙල්ලන්විල රජමහා විහාරාධිපති, මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් අපවත්වූයේ ඇතෙකුගේ පහරදීමෙන් නොවන බවට වාර්තා වනවා.

උන්වහන්සේට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් විහාරස්ථානයේ දායකයන් සමග පවසා තිබෙන්නේ නාහිමියන් අපවත්වී තිබෙන්නේ හෘදයාබාදයකින් බවයි.

ඊයේ උදෑසන විහාරස්ථානයේ සිටින ‘මියන් කුමාර‘ ඇතුට සියඹලා ලබා දීම සදහා නාහිමියන් ඇතු සිටි ස්ථානය ගොස් තිබෙන අතර, එම සත්වය එම ආහාර එකවරම ඩැහැගැනීමට යාම නිසා නාහිමියන් ඇතා සමීපයටම ඇදී ගොස් තිබෙන අතර, එම අවස්ථාවේ ඇතිවූ කලබලකාරී තත්ත්වය යටතේ නාහිමියන් අනතුරට පත්වී තිබෙනවා.

එම සිද්ධියෙන් නාහිමියන්ගේ ඉල ඇට කිහිපයකට සහ පෙනහළුවලට දැඩි හානි සිදුවී තිබෙන බවයි පැවසෙන්නේ.

සිද්ධියෙන් අනතුරු පූජ්‍ය විමලරතන නාහිමියන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළද, වැඩිදුර ප්‍රතිකාර සදහා ආසිරි ශල්‍ය රෝහල වෙත ගෙනගොස් තිබිණි.

වැඩිදුරටත් පැවසෙන්නේ අනතුරින් පසුව ඇතිවූ හෘදයාබාධ තත්ත්වය නාහිමියන්ගේ අපවත්වීමට හේතු වී ඇති බවයි.

Related posts

අමානුෂික මුස්ලිම් විවාහ නීතිය සංශෝධනයට නිර්දේශ ඉදිරිපත් කෙරේ

colombotoday

උද්දමනය පහලට

Admin

කොළඹට එන ICC

Admin

තොටිල්ලක ගෙල සිරවී දරුවෙක් ජීවිතක්ෂයට

Admin

තවත් ප්‍රදේශ කිහිපයක් අද සිට හුදකලා කෙරේ

colombotoday

රෝසිගේ අරුම පුදුම වැසිකිළි ටෙන්ඩරය…!

colombotoday