Colombo Today Local News

සියක් වසක් ආයු විද දකුණේ මහ යතිරුවණක් අපවත් වෙති

දකුණු ලක උගත් විනයධර මහා තෙර නමකව වැඩ විසූ කලල්පිටියේ ශ්‍රී හේමාලෝක නාහිමියෝ වසර එකසිය එකක් ආයු විද පසුගිය 29 වැනිදා අපවත්වූහ.

අපවත්වන විට අක්මීමන පින්නදූව ශ්‍රී සද්ධර්මෝදයාරාමාධිපති හා ඇමරිකාවේ ලාස් වේගාස් බෞද්ධ විහාරය, කැලිෆෝනියාවේ සම්බුද්ධාලෝක විහාරද්වයන්හි අනුශාසක ධුරය හෙබවීය.

1918 ජනවාරි මස 25 දින මෙලොව ජන්ම ලාභය ලැබූ උන්වහන්සේ 1930 පැවිදි බිමට පිවිසියහ. ඇමරිකාව, තායිලන්තය, ඉන්දියාව ඇතුලු රටවල් රැසක උන්වහන්සේ ධර්ම ප්‍රචාරක කටයුතු සදහා වැඩම කලහ.

නාහිමි ශ්‍රී දේහය පිළිබද අවසන් කටයුතු පෙබරවාරි 3 සෙනසුරාදා සවස 3ට ගාල්ල කුරුදුවත්ත ක්‍රීඩාංගණයේදී සිදුකෙරේ.

Related posts

ප්‍රසිද්ධ සංවාදයකදී සියල්ල දත් රත්නප්‍රියට, දයාන් ජයතිලක ඇප නැතිවෙන්න කියයි

colombotoday

අයවැය ප්‍රකාශය : ලබන වසර තුළ ආර්ථික ස්ථාවරත්වයක් ලැබෙන බව විශ්වාස කළ හැකියි

Admin

රුවන්පුර අධිවේගය ඇරඹීමටත් පෙර ගසාකෑම්.. සිරස ඇමති කිරිඇල්ලව පතුරු අරී (Video)

colombotoday

ඥානසාර හිමිට රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනා!

colombotoday

ඊයේ ඇරඹු ඉන්දීය ගිලන් රථ සේවයේ රියක්, අද මහ මගදී ලෙඩ වෙයි !

colombotoday

අයවැයේ ආදායම් යෝජනා

colombotoday