Colombo Today Local News

රවීට එරෙහිව අපරාධ චෝදනා ගොනු කළ නොහැකියි

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව අපරාධ චෝදනා ගොනුකළ නොහැකි බව නීතිවේදීහු පවසති.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අර්ජුන් ඇලෝශියස්, අර්ජුන් මහේන්ද්‍රන්, ජෙෆ්‍රි ඇලෝශියස් සහ කසුන් පළිසේන යන අයට එරෙහිව අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වා තිබුණේ සාපරාධී විස්වාසය කඩ කිරීම සහ සාපරාධී සාවද්‍ය පරිහරණය යටතේය. ඒ අනුව වරෙන්තුවකින් තොරව ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට නීතිමය අවසරය ලැබී තිබේ.

එහෙත් බැඳුම්කර කොමිසම මඟින් රවී කරුණානායක මහතාට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇත්තේ අල්ලස් පනතේ වගන්ති යටතේය. එහෙයින් ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට හෝ ඔහුව අත් අඩංගුවට ගැනීමට ඉඩක් නැතැයි යන්න නීතිවේදීන්ගේ මතය වී තිබේ. එම නීතිවේදීන්ගේ මතය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් ද තහවුරු කර ඇතැයි වාර්තා වේ.

Lanka News Web

Related posts

“ඔන්න බබෝ අපි ආවෝ.. අත ලකුණෙන් අපි ආවෝ” – ශ්‍රීලනිප සමුළුවේ විස්මිත ගුවන් වීඩියෝව

colombotoday

අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රාදේශීය දේශපාලකයන්ට දොස්

colombotoday

අදත් ප්‍රදේශ රැසකට තද වැසි… නායයෑමේ අනතුරු ඇඟවීම් තව දුරටත්

colombotoday

කුසල් වෙනුවෙන් ගීතා සටනට

colombotoday

ඇඹිලිපිටියේ අරගලකරුවන් පිරිසකට ප්‍රහාරයක්

colombotoday

මිලියන 18848ක මෙහෙයුම් අලාභයක් ලබන තෙල් සංස්ථාව සී.සී.ටී.වීවලට ලක්ෂ 500ක් වැය කරලා

colombotoday