Colombo Today Local News

බරපතළ මූල්‍ය අපරාධ වාර්තාවෙන් ප්‍රබල ඇමැතියකුට නඩු

බරපතළ මූල්‍ය අපරාධ විමර්ශන කොමිෂන් වාර්තා 34ට ඇතුළත් එක් වාර්තාවකින් චෝදනා ලැබූ වත්මන් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුද සිටින බව ශ්‍රීලනිපයේ උප ලේකම්වරයා හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ පවසයි.

අදාළ ඇමැතිවරයාට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන්ද නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කිසිසේත්ම පසුබට නොවන බවද සමරසිංහ මහතා පෙන්වා දෙයි.

අමාත්‍යවරයා පැවසුවේ පසුගිය දිනක ජනාධිපතිවරයා විසින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ටද ආණ්ඩුවට එක්වීමට කැමැති නම් එක්වන්නැයි ආරාධනා කළ නමුත් ඔවුන්ට චෝදනා පවතින්නේ නම් ඊට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කිරීමට ඔහු නිසැකවම කටයුතු කරනු ඇති බවය.

හෙතෙම පැවසුවේ ඊයේ (30දා) ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

Related posts

ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක්

colombotoday

වෛද්‍ය ෂාෆි ට එරෙහිව පැමිණිලි 723 ක්

colombotoday

ගතවූ මාස 6තුළ කෝටි 2100ක විදේශ ආයෝජන ආපහු අරන් ගිහින්

colombotoday

මවක් විසින් ඇලකට විසිකිරීමට ගිය බිළින්දා ප්‍රදේශවාසීන් බේරාගනී

colombotoday

‘වාස් ඉල්ලා අස්වුණේ ක්‍රමවේදයෙන් පිට ගෙවීම් කරන්න බැරි නිසයි’

colombotoday

නෙස්ලේ සමාගමේ අලුත්ම නිෂ්පාදනය නීති විරෝධීයි. පාරිභෝගිකයිනි පරිස්සමෙන්!

colombotoday