Colombo Today Local News

බැදුම්කර – වංචා දූෂණ විවාදය පෙබරවාරි 6

මහබැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ බරපතළ දූෂණ, වංචා පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි 06 වැනිදා පැවැත්වීමට තීරණයකර තිබේ.

පක්‍ෂනායක රැස්වීමේ බහුතර තීරණය කථානායක කරු ජයසූරිය මහතා විසින් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දීමෙන් පසුව අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව පෙබරවාරි 06 වැනිදා කැඳවන ලෙස නිල වශයෙන් කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව පෙබරවාරි මස 06 වැනිදා පෙ.ව. 10.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර, එහිදී පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදයක් ලෙස බරපතළ වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා විවාදය පැවැත්වීමට නියමිතය.

Related posts

ආණ්ඩුවට එරෙහිව බැසිල්ගේ කැරැල්ල බදුල්ලෙන් ඇරඹෙයි

colombotoday

විරෝධතාවට උසාවි වාරණයක්, වාරණය නොතකා අන්තරය විරෝධතාවයේ

colombotoday

කරාපිටිය රෝහලේ ළමා හෘද රෝග කැතීටර් සැත්කම් නවතී

Admin

පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් ජනපති නිකුත් කළ ගැසට් නිවේදනය මෙන්න…

colombotoday

රවී කරුණානායක ජනපතිට බොරු කියලා… මහින්දට ආරක්ෂකයන් 500ක් නෑ

colombotoday

මහ බැංකුව කොල්ලකෑ අය සමෘද්ධියත් කොල්ල කන්න හදනවා…

colombotoday