Colombo Today Local News

ට්‍රිලියන 10ක් විදෙස් ණය අරන්.. ඒත් රජයේ වත්කම් තියන්නේ ට්‍රිලියන 01යි.. ඉතිරි මුදල්වලට වෙච්ච දෙයක් නෑ

පසුගිය වසර 10 තුළ ශ්‍රී ලංකාව රුපියල් ට්‍රිලියන 10 (රුපියල් කෝටි ලක්ෂයක්) ක මුදලක් විදෙස් ණය ලෙස ලබා ගෙන ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

රුපියල් ට්‍රිලියන 10 ක් විදෙස් ණය ලෙස ලබා ගෙන ඇතත් මුදල් අමාත්‍යාංශ ලේඛන මගින් වත්කම් ලෙස පෙන්වීමට හැක්කේ රුපියල් ට්‍රිලියන 01 ක් පමණක් බව ජනාධිපතිවරයා කියා සිටී.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (26 දා) ජනාධිපති මන්දිරයේ පැවති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී ය.

පසුගිය වසර 03 ක කාලය තුළ දීද රජයේ ආදායම් සූක්ෂම ලෙස වෙනත් පෞද්ගලික සමාගම් වලට හැරවීම සම්බන්ධ තොරතුරුද මේ වන විට හෙළිව ඇති බවත්, පසුගිය වසරවල අයවැයෙන් වෙන්කල මුදල් වලින්ද භාවිතාකර ඇත්තේ 40%-60% අතර ප්‍රමාණයක් බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී – ප්‍රාදේශීය සභා මන්ත්‍රී වලිය : ප්‍රා. මන්ත්‍රිවරයා සහ ආධාරකරුවන් දෙදෙනෙකුට ශරිර ඇප

colombotoday

කුඩ්ඩෝ දිනකට කෝටි තුනක් වළලයි

colombotoday

අව් රශ්මියේ මහන්සිවී වැඩ කිරීම අවම කරන්න – 2023 මාර්තු තෙක් ලංකාව අවදානම්

Admin

චන්දිමාල්ගේ උපන්දින සාදයට ගිය තවත් 6ක් අත්අඩංගුවට

colombotoday

සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රයට ඇස් පරීක්ෂාව පමණක් ප්‍රමාණවත් – ජනාධිපති

colombotoday

බිලියන 50ක් රටට අහිමි කරමින් LNG බලාගාර ටෙන්ඩරය චීන සමාගමකට !

colombotoday