Colombo Today Local News

උතුරේ විහාරස්‌ථානවල ඉදිකිරීම්වලටත් නඩු… බෞද්ධ විරෝධී වැඩ ගැන ආණ්‌ඩුව නිහඬයි

බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය ලැබෙන බව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ සඳහන් වුවද මේ වනවිට උතුරේ ඇතැම් විහාරස්‌ථානවල කෙරෙන ඉදිකිරීම් සම්බන්ධයෙන් භික්‍ෂූන් වහන්සේලාට එරෙහිව නඩු පැවරීමට අදාළ පළාත් පාලන ආයතන පියවර ගෙන තිබේ.

යාපනය නාගදීපය – නාග විහාරය හා නාවක්‌කුලි විහාරය ඇතුළු විහාරස්‌ථානවල කෙරෙන චෛත්‍ය, ධර්මශාලා වැනි ඉදිකිරීම්වලට එරෙහිව මෙසේ නඩු පවරා ඇත. එම නඩු පැවරීම් හේතුවෙන් බුද්ධාගමේ උන්නතියට සිදු කෙරෙන සියලු කටයුතු ඇනහිට තිබෙන බව උතුරේ විහාරස්‌ථානයක විහාරාධිපතීන් වහන්සේ නමක්‌ “දිවයින” ට පැවසූහ. බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයන්ගේ උසිගැන්වීම් හා මැදිහත්වීම් මත එම බෞද්ධ විරෝධී වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බවද උන්වහන්සේ පැවසූහ. උතුරේ ක්‍රියාත්මක මෙම බෞද්ධ විරෝධී වැඩපිළිවෙළට එරෙහිව ආණ්‌ඩුවේ බලධාරීන්ගේ නිසි මැදිහත්වීමක්‌ මේ දක්‌වා සිදුව නැතැයිද උන්වහන්සේ කියා සිටිති.

සමන් ගමගේ – දිවයින

Related posts

චීන මහජන විමුක්ති හමුදාවෙන් ශ්‍රී ලංකා හමුදාවට එන්නත් පරිත්‍යාගයක්

colombotoday

ගේමට අවොත් ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේනවා – එජාප මන්ත්‍රී චමින්ද විජේසිරි

colombotoday

FCIDය නීත්‍යානුකූලයි – අධිකරණය තීන්දු කරයි

colombotoday

පඩි මදිනම් වෙන රස්සාවක් හොයාගන්නවා ! – අගමැති විගණකාධිපතිට කියයි

colombotoday

ජාතිවාදය,ආගම්වාදය විසබීජයක්… දේශපාලන විසබීජ ඉවත් කළ යුත්තේ ජනතාවයි

Admin

එජාපයෙන් ජනාධිපති ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක්..

colombotoday