Colombo Today Local News

වෙනත් පක්ෂ පුම්බන ශ්‍රීලනිප මන්ත්‍රීන් ගැන සාක්ෂි රැස් කරයි.. දඩුවම් දීම මැතිවරණයෙන් පසු..

වෙනත් පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයට කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් ගැන සොයා බැලීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කමිටුවක් පත්කර තිබේ.

නීතිඥයෙකුගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති මෙම කමිටුව විසින් වෙත් පක්ෂ ප්‍රවර්ධනය කරන මන්ත්‍රීන් ගැන විමසිල්ලෙන් සිටින අතර, ඔවුන් මැතිවරණ ප්‍රචාරක වේදිකාවල සිදුකරන කතාවල වීඩියෝ දර්ශන එකතු කිරීම, මුද්‍රිත මාධ්‍ය හරහා කරන ප්‍රකාශ එකතු කිරීම සිදුවන බවද එම පක්ෂය කියයි.

එකතුකරගත් එම තොරතුරු මැතිවරණය අවසන් වූ පසුව ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට ඉදිරිපත්කර එම පිරිසට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර තිබෙන බවද එම පක්ෂය පවසයි.

Related posts

රවීගේ දූෂණයක් ගැන දූෂණ විරෝධී හඩෙන් පැමිණිල්ලක්

colombotoday

පැතිරෙන කතා අසත්‍යයි. | ඓතිහාසික සේරුවිල රජමහා විහාරය මහනායක හිමියන් යටතට

colombotoday

ආදම්ගේ පාලම යළි හදන්න මෝදිගෙන් යෝජනාවක්!

Admin

ෆොන් එක කනේ තියන් ගිය ආබාධිත තරුණ‍යෙකුගේ කන කපලා

Admin

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් දෝස්මුරයක්

colombotoday

“අරගල භූමියේ දැන් සිටින්නේ පිස්සන්, කුඩු කාරයන්”

colombotoday