Colombo Today Local News

පොලිසියේ විනය බිංදුවට වැටිලා.. ඇමතිගෙන් පොලිස්පතිට දැඩි අවවාද

ශ්‍රී ලංකා පොලීසියේ විනය දැඩි ලෙස පිරීහී ඇති බවට චෝදනා කරමින් නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දැඩිලෙස දෝෂාරෝපණය කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

කතරගමදී තරුණයෙකු මිය යෑමේ සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ ඇමතිවරයා අතර පැවති සාකච්ඡාවකදී මෙලෙස දොස් නගා ඇතැයි පැවසේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් සිදු කර වහාම තමන් වෙත වාර්තාවක් ලබාදෙන ලෙසද අමාත්‍යවරයා විසින් එහිදී පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් චෝදනා කර ඇත්තේ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිටින හා නිසි අයුරින් නීතිය ක්‍රියාත්මක කිරිමට බැඳී සිටින පොලීසියේ ඇතැම් වගකීම් විරහිත ක්‍රියාකලාපයන් කනගාටුවට කරුණක් වන බවයි.

Related posts

“මෛත්‍රීපාල සිරිසේන දැන් මෛත්‍රීපාල රාජපක්ෂ වෙලා“ එජාපයට ගහනකොට ජවිපෙට හොදටම රිදෙයි !

colombotoday

දරු ප්‍රසූතියට ගිය කොවිඩ් ආසාදිත මවගේ දරුවා මෙලොව හැර යයි

colombotoday

පරණ හිතවත්කම් අළුත් කරමින් ගෝඨාභය දුමින්දගේ නිවසට !

colombotoday

මහින්ද, හමුදාවට එරෙහි ජිනීවා යෝජනා ඉවත දමයි !

colombotoday

යල් පැන්න බන්ධනාගාර පනත් සංශෝධනයට පියවර

Admin

එජාප සභාපති මලික් සමරවික්‍රම ඉල්ලා අස්වෙයි

colombotoday