Colombo Today Local News

රජගෙදර අන්දරේ තමයි රනිල් වික්‍රමසිංහ – පියසිරි විජේනායක

“රජගෙදර අන්දරේ තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ. පාර්ලිමේන්තුවට ඇවිල්ලා විශේෂ ප්‍රකාශ කරලා විහිළුකාරයෙක් වෙලා තියෙනවා. නටනවා. කෑ ගහනවා. අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා වහාම අගමැතිවරයාව ධුරයෙන් ඉවත් කරන්න කියලා. රවි වගේ අගමැතිවරයා 23 වැනිදාට පාර්ලිමේන්තුවේදී ධුරයෙන් ඉල්ලා අස්වෙලා පසුපස ආසනයක වාඩි වෙලා පෙන්නන්න කියලා අපි කියනවා. අගමැති ඉල්ලා අස් වෙන්නේ නැත්නම් මේ රටේ ජනතාව ජනතා බලවේග එකට අත්වැල් බැඳගෙන අගමැතිවරයා වහාම ඉවත් කිරීමට පෙළ ගැසිය යුතුයි. අපි මේ රටේ මවුවරුන්ගේ, පියවරුන්ගෙන් දරුවන්ගෙන් ඉල්ලනවා ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කරලා මේ හොරකම් කරපු මුදල් නැවත අය කරගන්න ජනාධිපතිවරයාට සහාය දෙන්න කියලා” යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පියසිරි විජේනායක පවසයි.

ඊයේ (22දා) කොළඹ පදනම් ආයතනයේදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කෙළේය.

ජනාධිපතිවරයා මේ වෙනකොට තනි සටනක ඉන්නේ. ජනාධිපතිවරයාට විරුද්ධව තමයි සියලු දෙනාම ඉන්නේ. එජාපය, ජනතා විමුක්ති පෙරමුණ, ඒකාබද්ධ විපක්ෂය, විමල් වීරවංශගේ කට්ටිය, ගම්මන්පිල ඇතුළු පිරිස මේ සියලු දෙනාම ජනාධිපතිවරයාට විරුද්ධයි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ඉතිහාසයේ දැවැන්තම කාර්ය භාරයක් ඉටු කළා. පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායකයට අද වගකීමක් තියෙනවා ජනාධිපතිවරයා සමඟ එකතු වෙලා මේ හොරුන්ට දඬුවම් කිරීමේ කාර්යයට සහාය දෙන්න” යැයි ඉල්ලීමක්ද කළේය.

Related posts

උතුරේ කොටි සැමරුමට සිවාජිලිංගම් අවසර ඉල්ලයි

colombotoday

නුවරඑළිය කන්තෝරුව ලියුම් බෙදන්නයි මුද්දර බෙදන්නයි විතරයි

Admin

තවත් මන්ත්‍රීවරයෙක් පොසිටිව්

colombotoday

මන්ත්‍රී සරත් කල සිංහල බෞද්ධ රටක් ප්‍රකාශයට එරේහිව මුලතිවු දෙමල නීතිඥ වරුන් විරෝධතාවක

Admin

“මහින්දගේ කාලේ නිධන් හෑරුවේ මාධ්‍යටත් කොලේ වහලා“ – සජිත් කියයි

colombotoday

ජනතාව වෙනුවෙන් කමල් පාර්ලිමේන්තු එන්න සූදානම්

Admin