Colombo Today Local News

මෛත්‍රී ගොඩගියේ එජාප ඔරුවේ නැගලයි – මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

ජනාධිපතිවරයාව ගොඩ දැම්මේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෝ බවත් “එක්සත් ජාතික පක්ෂය නොහිටින්න ඔය ඔරුවේ නැගලා ඒ ඉවුරට යන්න හම්බ වෙන්නේ නෑ” යැයි ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පවසනවා.

වසර 20ක් එක්සත් ජාතික පාක්ෂිකයන් බලාගෙන සිටි බවත්, ඔවුන්ට සමෘද්ධිය නොලැබුණු බවත් ළමයි පාසලට දමා ගැනීමට නොහැකි වූ බවත් තරුණයෙකුට රැකියාවක් නොලැබුණු බවත් මැෂිමක්,සිමෙන්ති කොට්ටයක්, ඉඩම් කෑල්ලක්,ණයක් කිසිම අවස්ථාවක නොලැබුණු බවත් පාක්ෂිකයන් එය ඉවසාගන සිටි බවත් කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කර සිටියා.

මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වෙද්දී ජනාධිපතිවූ විගස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වේයැයි එජාප පාක්ෂිකයන් නොසිතු බවත් ජනාධිපති වීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ රැකවරණය ගැන කතා කරනු ඇතැයි සිතුවේ නැති බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියා.

අහිංසක එක්සත් ජාතික පාක්ෂිකයන් ජනාධිපතිවරයාව ජයග්‍රහණය කිරීමට කරතියාගෙන ගිය බවත් ගිලෙන ඔරුව කරේ තියාගෙන, පිනාගෙන පාක්ෂිකයන් ගියේ එජාපය විශ්වාස කර බවත් වසර 20ක් අහිමිව ගිය දේ පාක්ෂිකයන්ට ලබා දීමට තමන් ඇතුළු මන්ත්‍රීවරු කටයුතු කරන බවත් වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියා.

Colombo Media Network වෙත විශේෂ සාකච්චාවක් ලබා දෙමින් ඒ මහතා මෙම අදහස් පල කර සිටියේය.

Related posts

ලංකාවේ මාධ්‍යවේදීන්ට තර්ජන එපා… ප්‍රශ්නයක් තියනවනම් අපට කියන්න – නිව්යෝක් ටයිම්ස් මහින්දට කියයි

colombotoday

මහියංගණයේදී වෑන් රථයක් බසයක ගැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙක් මරුට

colombotoday

තහනම් ඖෂධ තොගයක් සමඟ පොලිස් සැරයන් අත්අඩංගුවට

Admin

බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි ඉරාන ජාතිකයන් 9 ක් අත්අඩංගුවට

colombotoday

” පාන් කනවා වෙනුවට නරකද මුං ඇට ටිකක් කන එක… හාල් හිඟයක් දැනුත් තියෙනවා “

colombotoday

මඤ්ඤොක්කා පිටි කරන්න ස්වීඩනයෙන්, ඉන්දියාවෙන් එයි…

colombotoday