Colombo Today Local NewsHot News

Video: ජනාධිපතිතුමාගේ කඩුවට ඌව මහ ඇමති කැපෙන්නේ නැද්ද? – මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

ඌව පළාත් සභාවේ මහඇමති චාමර සම්පත් දසනායක මහතා විසින් බදුල්ල දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිනිය වන භවානි රගුනාත් මහත්මිය දණ ගැස්සවිමේ සිද්ධියට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කරන ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ඉල්ලා සිටිනවා.

මෙම ක්‍රියාවට විරුද්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, මහඇමති තනතුරෙන් නෙරපන ලෙසත් ඉල්ලා සිටි මන්ත්‍රීවරයා, මහ ඇමතිවරයාට කොන්දක් තිබෙනවානම් තනතුරෙන් ඉල්ලා අස් වෙන ලෙසත් ප්‍රකාශ කර සිටියා.

ජනාධිපතිවරයාගේ කඩුව ඒ පැත්තටත් කැපෙනු ඇතැයි විශ්වාසය පල කල කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා, එය සාමුහික වගකීමක් බවත් මෙම ක්‍රියාව යහපාලන ආණ්ඩුවට එල්ලවුණු කළු පැල්ලමක් වගේම කිරි කාලයක් දොවලා දැම්ම ගොම බින්දුවක් බවත් අවධාරණය කර සිටියා.

එක්සත් ජාතික පක්ෂය මේ වනවිටත් ආදර්ශමත් වී පෙන්වා ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ආදර්ශමත් වීමට අවස්ථාව පැමිණ ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පෙන්වා දුන්නා.

දර්ශන අනුග්‍රහය: Colombo Media Network

Related posts

දූෂකයා බේරාගන්න හැදූ කාන්තා කටයුතු ඇමතිණියව විනිසුරු ඉලංචේලියන් විවේචනය කරයි !

colombotoday

අනතුරට පත් ට්‍රෝලර් යාත්‍රාවක සිටි 38ක් නාවික හමුදාව බේරාගනී

Admin

යතුරුපැදි සොරා ගෙන මස් කල දෙදෙනෙක් අල්ලයි

Admin

ලංකාවේ වී වගා කරන එක අපාරාදේ.. හාල් රටින් ගෙන්වන්න පුළුවන් – මුදල් ඇමති

colombotoday

ගෙවන්න ඩොලර් නැතිව තෙල් නැව් සති ගනන් අතරමග

colombotoday

මහ බැංකුවෙන් හොරා කෑ මුදල්වලින් සමහරුන් පත්තර, රූපවාහිනී නාලිකා ගන්න හදනවා

colombotoday